පළකල දිනය : Mon, Sep 25th, 2017

එලවන්න පුළුවන් වුනාට ලයිසන් දෙන්නේ නෑ…

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
 
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථ වාහන පැදවීමට අවස්‌ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව නීති සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුවී ඇත.

මෑත කාලයේ අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීමෙන් අනතුරුවලට ගොදුරු වීම ඉහළ යැම සලකා මෙම තීරණය ගත් බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

මෙහි ආසන්නතම සිද්ධිය වන්නේ තලාව, කිරලෝගම ප්‍රදේශයේදී අධික වේගයෙන් යතුරුපැදියක්‌ පදවාගෙන ගිය පාසල් සිසුවකුට එය පාලනය කරගත නොහැකි වීමෙන් මරණයට පත්වීමයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button