පළකල දිනය : Mon, Sep 25th, 2017

ජනප්‍රිය නළු දසුන් නිෂාන් පන්නිපිටියේ බෝඩිම් කාමරයක් තුල සියදිවි හානි කරගනී

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

“කවුරුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්.

බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.

පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේ සිටයි.

ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සඳහන්.

දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන තිබෙන බවත් සඳහන්.

මේ ගැන ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා.

ඔහු මිට දින කිහිපයකට කලින් ඔහුගේ මුහුණත් පොතේ “දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……
RIP..” සදහන් කර තිබෙනවා.

එම සටහන පහතින්

  • 22.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button