පළකල දිනය : Tue, Sep 26th, 2017

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි !

දසුන්ගේ මරණයත් එක්ක ගොඩක් දෙනෙක් ඊයේ ශලිනි ගැන කතා කළා. නමුත් අපි හිතන විදියට එය ඒ තරම් හොඳ දෙයක් නෙමේ ඇත්ත නැත්ත දන්නේ නැති නිසා.

නමුත් ශලිනි සහ දසුන් දීර්ඝ කාලයක් එක්ව ටෙලි නාට්‍යක රඟපෑවා මේ නිසා එහෙම කතා හැදෙන්න ඇති.

මේ ගැන ශලිනි මීට මාස කිහිපයකට කළින් කියපු පරණ කතාවක මෙහෙම තියෙනවා.
 
ශලනිගේ නමත් හිටි ගමන්ම ගොසිප්වලට යන්නේ ජනප්‍රියත්වය වැඩි නිසාද?

ඒක කියන්න බැහැ.

ළඟදි ගොසිප් සයිට් රාශියක ඔබේ නමත් එක් රංගන ශිල්පියෙක් සමඟ ඈඳිලා කටකතාවක් හැදුණා නේද?

කොහොමත් මට ඉතිං අහක යන කුණු තමා එන්නේ. මොකද ගොඩක් වෙලාවට ඔය කියන රංගන ශිල්පියාගේ ප්‍රශ්නේදී, මාව ගාවගන්න ඇත්තේ, අවු.1 1/2 ක් එක දිගට දීර්ඝ ටෙලි නාට්‍යයක දකින්න ලැබුණ නිසා වෙන්න ඇති.

එහි විවාහක යුවලක් විදියට අපි නිතර දකින්න ලැබුණා. මම හිතන්නේ මම ගෑවුණේ ඒ ටෙලි නාට්‍ය නිසා තමා.

බුද්ධියෙන් බලන අය ඒ විදියට තේරුම් ගත්තා සහ ඕන දෙයක් වැරැදියට දකින අය ඒ විදියට තේරුම් ගත්තා. මම වැරැද්දක් කර නැති නිසා, මම ඒවට උත්තර බඳින්න ගියේ නැහැ.

මම කියන්නේ ඉතිං ගොසිප්වල, ගොසිප් සයිට්වල යන හැම දෙයක්ම අපි විශ්වාස කරන්න හොඳ නැහැ. අපි ගරල තමා ඒ දේවල් ගන්න ඕන.

ඔබ හිතනවද, ලංකාවේ ගොසිප් නිසා රැවටෙන මිනිස්සු ඉන්නවා කියලා.

ගොසිප් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. ඒ අයට කියන්න තියෙන්නේ අර කලින් කිව්ව ටික තමා.
 
2017 අප්‍රේල් 24 වන දින දිනමිණ පුවත් පත කළ සක්ච්ජාවකි..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button