පළකල දිනය : Thu, Sep 28th, 2017

රටක් වසඟ කල සොදුරු කටහඬට නිහතමානීකමට පැසසුම්

දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කල වසරේ විශිෂ්ඨතම ශ්‍රී ලාංකීකයින් ඇගයීම සඳහා වූ “Sri Lankan of the Year 2017” සම්මාන උළෙල ඊයේ රාතියේ කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වූ අතර ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාoකීකයින් 16 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර විය.

ඒ අතරින් “වසරේ ජනප්‍රියම ශ්‍රී ලාංකීකයා Popular Category සම්මානය දිනා ගැනීමට ගායන ශිල්පී චාමර වීරසිංහ සමත්විය. ශ්‍රී ලංකාවේ බහුතර තරුණ පිරිසකගේ ආදරය දිනා ගත් චාමර සිය සොදුරු කටහඩින් ගායනා කල ගීත බොහෝමයක් ඉතා ජනප්‍රිය විය.

කෙතරම් ජනප්‍රිය වුවද ඔහු ඉතා නිහතමානී පුද්ගල චරිතයක් වීම ඔහුගේ ජනප්‍රියත්වය නොවෙනස්ව පැවතීමට හේතුවක් වී තිබේ. චාමර වීරසිංහ ඊයේ සිය සම්මානය ලබා ගනු ඇලුවේ මෙරට තවත් ජනප්‍රිය ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් අතින්.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button