පළකල දිනය : Fri, Sep 29th, 2017

දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී ආවේ පාන්දර

ගෙල වැලලාගෙන මියගිය ටෙලි නාට්‍ය නළු දසුන් නිශාන් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නම හෙළි වූ ටෙලි නිළිය ඊයේ (28) පාන්දර 2.10 ට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහභාගී වුවාය.

මියගිය දසුන් නිශාන් මහතාගේ මව හෝ කිසිඳු අයෙක් ඇයගේ පැමිණීමට විරෝධයක් පළ නොකළහ.

එම අවස්ථාවේදී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ටෙලිනාට්‍ය නිලි දමිතා අබේරත්න මහත්මිය ප්‍රමුඛ නළු නිලි පිරිසක්ද එක්ව සිටියහ.

විනාඩි පහක් පමණ දේහය තැන්පත් කර තිබු මල් ශාලාවේ රැඳී සිටි අදාළ නිළිය වැඩි කතා බහකින් තොරවම එම ස්ථානයෙන් පිටව ගියාය. දසුන්ගේ අවසන් කටයුතු ඊයේ (28) නිට්ටඹුව මල්වත්ත සුසාන භූමියේදී සිදු කෙරිණි.

මුදල් උපයා ගෑනීමේ අරමුණින් අන්තර්ජාලයේ ගිය මෙම පුවතට ඔබ අසුවුනා ද ?

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button