පළකල දිනය : Thu, Oct 5th, 2017

ශලනි ළඟින් ඉන්න හොදම යාලුවෙක් බුකියේ කරපු වැඩේ

දසුන්, ශලනිගේ ආදර කතාව මේ වෙනකොට රටම දන්න දෙයක්.

දසුන්ගේ මරණයත් එක්ක ශලනි ලොකු වේදනාවක සහ තනිකමක ඉන්නවා කියලා හැමෝට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ශලනි FB එකේ සටහන් කරන විවිධ Post නිසා.

ශලනි ඒ Post වල කියන විදියට ඇය මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් හුදකලා වෙලා.
 
හැබැයි ඇයට මේ හැමදේකදිම ළඟින් ඉන්න යෙහෙළියක් ඉන්නවා. ශලනි වැටිලා ඉන්න මේ තත්ත්වයෙන් ගොඩගන්න එම යෙහෙළිය ගොඩක් උත්සහ කරනවා.

ඒ වෙන කවුරුත් නෙමේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්.

දසුන්ගේ හත්දවසේ දානෙන් පසු ශලනි එක්ක පහන් පත්තු කරන්න දිනක්ෂි සහ ශානුද්රි එක් වෙලා තියෙනවා. දිනක්ෂි කවදාවත් ශලනිට වැටෙන්නේ දෙන්නේ නැහැ වගේම ඇය ළඟින්ම ඉන්නවා කියලා කියන්න පුළුවන් සාක්ෂියක් අපට හමුවුණා.

ඒ දිනක්ෂිගේ FB එකේ දාලා තියෙන කෑම පිඟානක් නිසා. ඒ කෑම වට්ටෝරුව ඇය වෙන් කරලා තියෙන්නේ ශලනි වෙනුවෙන් කියලා තමයි හැමෝම කියන්නේ.

එම Post එක යටතේ තියෙන Comment වලින් එක හරියටම ඔප්පු වෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button