පළකල දිනය : Fri, Oct 6th, 2017

ඉසිපතන කොල්ලෝ මියගිය භාතියගේ දේහය සුසානයට ගෙන ගිය හැටි (Photos)

කෙටි කලක්‌ පුහුණුවීම් නතර කොට සිට, පෙරේදා (01 දා) යළි පුහුණුවීම් ආරම්භ කරමින් කිලෝමීටර් දොළහක පමණ දුරක්‌ දිවගිය මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩකයකු හදිසියේ මහමඟ ඇදවැටී මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගියදා මිය ගියේය.

මෙසේ මියගියේ මහනුවර ත්‍රිත්ව විදුහලේ දොළහ ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටි පළමු පෙළ රග්බි කණ්‌ඩායමේ ක්‍රීඩකයකු වූ භාතිය ඒකනායක (17) නමැති සිසුවෙකි.

සිසුවාගේ අවමගුල් උත්සවයේ ඊයේ සිදුවූ අතර එහිදී අපූරු සිදුවීමක්ද දක්නට ලැබිණි.
 
ඒ මහනුවර ත්‍රිත්ව විදුහලේ සහ ඉසිපතන විදුහලේ ශිෂ්‍යයන් එක්වී මියගිය භාතියගේ දේහය උර මතින් සුසාන භූමියට ගෙන ඒමයි.

ක්‍රීඩා පිටියේදී විරුද්ධවාදීන් වුවද ඉසිපතන ක්‍රීඩයන් මෙම අවස්ථාවේ ප්‍රදර්ශණය කළ මහත්මා ගතිය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button