පළකල දිනය : Sat, Oct 7th, 2017

පෙර ආත්මවල ඇසුරු කළ අය මේ ආත්මයේදී හඳුනාගන්නේ මෙහෙමයි

පෙර ආත්ම වල ඔබ ඇසුරු කල අය මේ ආත්මයේදීත් ඔබට හමුවී ඇති. එවැනි අය හඳුනාගන්නේ මෙහෙමයි.

අද අපි සාකච්චාවට බඳුන් කරන්නේ තරමක් වෙනස් මාතෘකාවක් පිළිබඳවයි.

එනම් ආත්මයෙන් ආත්මයට අප හා බැදී පවතින ආත්මීය බැඳීම් පිළිබඳවයි.
 
එවැනි පුදගලයෙකු ඔබට මේ ආත්මයේදී හදිසියේම හමුවුනොත් ඒ බව හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. අපි ඉදිරිපත් කරන මෙම කරුණු සනාත කිරීමට විද්‍යාත්මක සාධක නොමැති වුනත්, එම කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඔබ ඔබේ හදවතින්ම විමසා බලන්න.

මොකද, මොලයෙන් තේරුම් ගැනීමට නොහැකි අතීන්ද්‍රීය දේවල්ද මෙම විශ්වය තුල පවතිනවා.

1. දුටු පමණින් යමෙකු සමග සිතින් හෝ ගතින් සම්බන්ධවීම සහ වහාම ප්‍රතික්ෂේප කිරීම.

පසුගිය ආත්ම භාවයන්හී අපට හමුවූ පුද්ගලයින් පිළිබඳව සිහිකරන විට, පළමුව අපේ සිතට නැගෙන්නේ මිතුරන්, දෙම්පව්පියන්, නෑදෑයන් සහ ආදරය කල පුද්ගලයින්වයි. පෙර ආත්ම වල ඔබ ඇසුරු කල එම පුද්ගලයින්ගේ ආදර”ය මතකයන් ඔබේ සිතේ කොතැනක හෝ ගැඹුරින්ම තැන්පත් වී තිඛෙනවා.

එම නිසා එවැනි පුද්ගලයෙකු ඔබට හදිසියේම මුණ ගැසුනොත්, වචනයෙන් විස්තර කල නොහැකි ආදරණීය හැගීමක් ඔබේ සිතට නැගෙන්නට ඉඩ තිබෙනවා. පෙර ආත්මයකදී ඔබට හිරිහැර හෝ අකටයුතුකම් කරනු ලැබූ ඔබ අකමැති පුද්ගලයෙකු ඔබට එලෙස මුණගැහුනොත් ඔවුන් පිළිබඳව ඇතිවන්නේ ඊට හාත්පස වෙනස් හැගීමකි.

ඔබ බොහෝ විට ඔවුන්ව වහාම ප්‍රතික්ෂේප කිරීමට සහ පිළිකුල් කිරීමට පෙළඹෙනවා. ඇතැම් විට ඔබ ඔහුට හෝ ඇයට මෙතරම් වෛර කරන සහ පිළිකුල් කරන හේතුව ඔබට සිතාගැනීමටවත් නොහැකියි.

2. ඔබේ සම්බන්ධතාවය පරචිත්ත විජානන (අන් අයගේ සිත දැනගැනීමට සහ කියවීමට ඇති අසාමාන්‍ය හැකියාව) ස්වරූපයක් ගැනීම.

මින් අදහස් කරන්නේ අන් අයගේ සිත් වලට මනසින් පණිවුඩ යැවීමට ඇති හැකියාව වැනි යමක් නොවෙයි. එය හරියට ඔබ ඔවුන් පිලිබදව සිතන විට සහ කතා කරන විට ඒ පිළිබඳව ඔවුනට දැනෙන ඉතාමත්ම සියුම් සංවේදීතාවයකි.

ඔබ යමෙක් ගැන සිතමින් සිටින විට එක වරම ඔබට ඔහුගෙන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ක්ෂණිකවම පැමිණීම සහ ඔහු ඊලගට පවසන්නට යනදෙය පිළිබඳව ඉවෙන් මෙන් දැනීම ඊට හොඳම උදාහරණයකි. එවැනි සම්බන්ධතාවයාන් ආත්ම ගණනක පෙර සිටම පැවති සම්බන්ධතාවයන් වීමට ඉඩ තිඛෙනාවා.
 
එම සම්බන්ධතාවයන් පිළිබඳව වචනයෙන් විස්තර කිරීමට අපහසු අතර අත් හැරදැමීමද ඉතාමත්ම අපහසුයි.

3. ඒ බව ඔවුන්ගේ ඇස් වල සටහන් වී තිඛෙනවා.

හදිසියේම හමුවූ ඇස් දෙකක් ලග ඔබේ නෙත් හිටි හැටියේම තිගැස්සී නතර වී තිබෙනවාද? මේ ආත්මයේදී කිසිම දිනක හමුවී නොතිබුනත් ඒ ඇස් දෙක මිලියන වාරයක් පමණ දැක ඇති බව වැනි අමුතු හැගීමක් ඔබේ ජීවිතයේදී එක් වරක් හෝ ඔබට දැනී ඇති.

ඔබටත් එවැනි අත්දැකීමක් තිඛෙනාවානම් ඔහු හෝ ඇය පෙර ආත්මයේදී ඔබට හමුවූ ඔබ ආදරය කල කෙනෙකු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඇතැම් විශ්වාසයන්ට අනුව මිනිසුන් මැරී මැරී ඉපදුනත් ඔවුන්ගේ ඇස් වෙනස් නොවී පවතිනවා. ඊට ස්තුතිවන්ත වෙන්න ආත්මීය බැඳීම් හඳුනා ගන්නට අපිට පුළුවන්.

මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද ? පෙර ආත්ම භවයක ඇසුරු කල පුද්ගලයෙක් ඔබට කෙදිනක හෝ හමුවී තිබෙනවාද? ඔබේ අදහස අපිට කියන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button