පළකල දිනය : Tue, Oct 10th, 2017

නෝර්වුඩ් ඇඟලුම්හලට ආව භූතයා නිසා සේවිකාවන්ට වෙච්ච ඇබැද්දිය !

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09) උදෑසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඊයේ (09) සිටි සෙසු ඇඟලුම් සේවිකාවෝ භීතියට පත්වී සිටියහ.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ හැසිරී කෑ ගැසීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

තවත් සේවිකාවක් තමන්ගේ බෙල්ල ප්‍රදේශයෙන් කළු ඇඳුමක් ඇඳ ගත් කිසියම් අයකු ඇල්ලු බවට කෑ ගැසීමත් සමඟම එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලකයන් විසින් මේ සම්බන්ධව නෝර්වුඩ් පොලීසියට දැනුම් දී තිබිණි.
 
වහා ක්‍රියාත්මක වූ නෝර්වුඩ් පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පරික්ෂා කර බලා ඒ පිළිබඳව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට දැනුම් ඩි තිබේ.

පසුව දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇඟලුම් සේවිකාවක් පරික්ෂා කර ඇත.

ආවේශ වී උමතුවෙන් සිටි කිහිපදෙනෙකු පරික්ෂා කර බැලීමේදී ඔවුන්ගේ ශරීරයේ කිසිඳු රෝගී තත්ත්වයක් නොතිබූ නිසා හඳුනාගත් ඇඟලුම් සේවික්වන් කිහිපදෙනෙකු දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලන අධිකාරියට දැනුම් ඩි තිබේ.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු දේව පුජාවන් කිහිපයක් පැවැත්වීම පාලන අධිකාරිය මඟින් අතපසු කළ නිසා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

ඉකුත් (04) එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙසිය හතලිපස් දෙනෙකු පමණ හසිදියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ නිසි පරිදි ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොතිබීමෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් හසිදියේ රෝගාතුර වී ඇති බවයි.od g

පසුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන පරිදි කටයුතු කරන ලෙසට පාලන අධිකාරියට කළ උපදෙස් මත එම ඇඟලුම් od gකර්මාන්ත ශාලාවේod g පාලන අධිකාරිය මඟින් ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළට වාතාශ්‍රය අවශ්‍ය පරිදි ලැබෙන අයුරින් කටයුතු කර තිබු බව නෝර්වුඩ් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතා කීය.

මුලාශ්‍රය – ජනයුගය

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button