පළකල දිනය : Wed, Oct 11th, 2017

ක්‍රිකට් ලොක්කන්ට, ඇමතිට තරු පෙන්නන මාලිගේ ඡායාරූපයක් එළියට !

මේ දවස් වල ලංකාවේ ක්‍රිකට් පිස්සෝ ඉන්නේ හරි සන්තෝසෙන්. ඒ කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ටික දක්වන සුපිරි දස්කම් නිසා.

පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගන්න සමත්වෙන්නේ නිකං නෙමෙයි වාර්තා පිට වාර්තා තියලා.

හැබැයි ලංකාවේ ක්‍රිකට් වලට මේ වැටුණු හිරිපොද වැස්ස මහ වැස්සක් කරගන්න එකයි ලොකුම අභියෝගය.
 
ඒ නිසාම පාකිස්ථානය එක්ක පැවැත්වෙන එක්දින තරඟාවලිය ගැනත් බොහෝ දෙනා අවධානය යොමු වෙලා තියනවා.

හැබැයි ඇන්ජලෝ මැතිව්ස් අසේල ගුණරත්න ලසිත් මාලිංග වගේ ප්‍රබලයෝ නැති ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අභියෝගය ජයගන්න පුලුවන් වෙයිද? මැතිව්ස් වගේම අසේල ගුණරත්නත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවුනේ ආබාධ තත්වයන් නිසා.

හැබැයි මාලිව අයින් කරලා තිබුණේ පහුගිය දස්කම් සැලකිල්ලට අරන් කියලා තමයි වාර්තා වුණේ.

මාලි දැන් දස්කම් අතර නෑ,බඩ වැඩී කියලා පහුගිය දවස් වල ගොඩක් අය කතා වුණා. ක්‍රීඩා ඇමතිවරයා විතරක් නෙමෙයි ක්‍රිකට් සභාපතිවරයාත් මේ කතාවට සමබන්ධ වුණා.

කොහොම කොහොම හරි මේ හැමෝගෙම චෝදනා වලට පිළිතුරක් විදියට මාලිංගගේ අලුත්ම ඡායාරූපයක් අපට හමුවුණා.

පහුගිය දවස් වලට ටිකක් ලොකුවට පෙනුන මාලිගේ බඩ හොඳටම අඩුවෙලා කියලයි අපට නම් පෙනුනේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button