පළකල දිනය : Wed, Oct 11th, 2017

වකුගඩු දෙකම නරක් වූ දියණියට පිහිට වූ ලංකාවේ දෙවි කෙනෙක්

ජීවිතයේ අපි නොසිතන විදිහට කරදර ගැටළු කාරී තත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා.

එවැනි අවාසනාවනත්ත ඉරණමක් අත් වූ වයස අවුරුදු 22 ක දියණියක් පිළිබඳ දැනගන්න ලැබුනා.

මේ දියණිය දැරුණු වකුගඩු රෝගයකින් පෙළෙනවා රෝගයේ තත්තවය එන්න එන්නම බරපතල වන බව වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා, ඔවුන් සඳහන් කරන විදිහට දැන් 96% ක්ම වකුගඩු නරක් වෙලා ඉක්මනින්ම වකුගඩු බද්ධයක් සිදුකළ යුතුයි.
 
එහෙත් මෙම දියණියගේ පවුලට වැය කරන් සල්ලි මුදල් නෑ මාසේකට රුපියල් ලක්ෂයක් යනවා ලේ පිරිසිදු කරන්න.

ජීවත් වීමේ බලාපොරොතු පොදි බැඳගෙන දුක් කම්කටළු මැද ජීවිතය ගත කරද්දි , උතුම් මිනිසුකුගේ පිහිට ඔවුන්ට ලැබෙනවා.

ඒ පුෂ්ප කුමාර ප්‍රියන්ග නැමති මෙම පුද්ගලයායි ඔහු දියණිගේ වකුගඩු බද්ධය සිදුකෙරෙන තෙක් වියදම් දැරීමට ඉදිරිපත් වෙලා තියෙනවා, මිනිසෙකුගේ අසරණ කම හඳුනා ගෙන පිහිටක් වන පුෂ්පකුමාර වැනි පුද්ගලයින් රටට ආදර්ශයක්.

දියණිය පිළිබඳව පුෂ්ප කුමාර තැබු ෆේස් බුක් සටහනයි මේ..

“මේ අවුරුදු 22ක නංගි කෙනෙක්. වකුගඩු දෙකම 96% නරක් වෙලා. doctorsla කියලා පුළුවන් තරම් ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න කියලා.

මට කතා කරලා කිව්ව “අයියෙ මට ජීවත් වෙන්න ආසයි .මට මැරෙන්න දෙන්න එපා. අපේ අම්මා තාත්තට සල්ලි නෑ මාව බේර ගන්න .මාසෙකට රුපියල් ලක්ෂයක් විතර යනවා ලේ අයින් කරන්නයි බෙහෙත් වලටයි .පුළුවන් නම් මට ජීවිතේ දෙන්න” කියලා.

දෙවතාවක් මම හිතුවෙ නෑ .අද එන්න කිව්ව මගේ office එකට. වකුගඩුවක් හොයාගෙන බද්ධ කරනකම් යන සියලුම වියදම් දෙන්න මම අද පොරොන්දු උනා වගේම මාසෙට ඇති වෙන්න බෙහෙත් වලට යන මුදල් මම අද පරිත්‍යාග කළා.

මේ ඒ අවස්ථාව.. (මේ පිං මා යටතේ සේවය කරන සියලුම සේවකයින්ට හා මට මැණික් රැගෙන එන පතල් වල දුක් විඳින සියලුම මහත්වරුන්ට හා මාගේ දෙමාපියන්ට අත් වේවා . මොකද ඔවුන් නිසා තමයි මා කීයක් හරි හම්බ කරගෙන මේ පිං දහම් කරන්නේත්, මගේ බඩගින්න නිවා ගන්නේත්. ඇත්ත එයයි )

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button