පළකල දිනය : Wed, Oct 11th, 2017

අනියම් ප්‍රේමයක් නිසා ශ්‍රී ලාංකික කතක් මරුට !

එක්සත් ආරාබී ඒමීර් රාජ්‍යයේ සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ඩුබායී තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනා අන්දමට ඇයට මෙලෙස ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඇගේ සැමියා විසිනි.

සිය බිරිදගේ වෙනත් ප්‍රේම සම්බන්ධයක් හසුවීම නිසා සැමියා විසින් එසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති අතර ඇගේ පෙම්වතා බව කියන ශ්‍රී ලාංකිකයෙක් ද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටින බව සදහන්.
 
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ මිය ගිය කාන්තාවගේ සැමියා සිදූවීම සම්බන්ධයෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටින බව වාර්තා වේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ පසු ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් ඇති අතර මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාජා හී ගුවන් තොටුපලකදීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button