පළකල දිනය : Sat, Oct 14th, 2017

බැංකුව කොල්ල කන්න ආ මංකොල්ලකරුවන් රැවටු අපුරු බැංකු සේවිකාව

බැංකුවක් කොල්ල කෑමට පැමිණි මංකොල්ලකරුවන් පිරිසක් රවටා , එම බැංකුවේ මුදල් ආරක්ෂා කර ගත් බැංකු සේවිකාවක් පිළිබදව වාර්තා වෙනවා. ඒ හෝමාගම ප්‍රදේශයෙන්.

මෙලෙස කොල්ල කෑමට ලක්ව ඇත්තේ හෝමාගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් පාදුක්ක කුරුගල ග‍්‍රාමීය බැංකුවයි.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳි යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් ඊයේ දිනයේ (13) මෙලෙස එම බැංකුවට කඩා වැදි තිබෙනවා.
 
මෙම කොල්ලකරුවන් එහි සේවිකාවන්ට ගිනි අවි පෙන්වා ඔවුන් බියට පත් කර බැංකුවේ මුදල් හා රන් භාන්ඩ ඉල්ලා තිබෙන බව සදහන්.

එම අවස්ථාවේදී මුදල් කවුන්ටරයේ සිටි සේවිකාව ලාච්චුවේ තිබූ මුදල් පමණක් ලබා දී , සේප්පුවේ තිබු මුදල් ඉවතට දැමීම හේතුවෙන් එහි තිබූ ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මෙලෙස කොල්ලකරුවන්ගෙන් රැක ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.

එම අවස්ථාවේදී එක් බැංකු සේවිකාවක් තම සොහොයුරා සමග දුරකථන ඇමතුමක සිට ඇති අතර , මෙම කොල්ලකරුවන් බැංකුවට කඩා වැදුනු විට ඇය ඇමතුම විසන්ධි නොකොට සොහො‍යුරාට සිදුවීම ඇසීමට සලස්වා ද තිබෙනවා.

දුරකථනයෙන් අදාළ සිදුවීම ඇසුණු ඇයගේ සොහොයුරා එම අවස්ථාවේදීම පාදුක්ක පොලිසිය දැනුම්වත් කර තිබෙන බව සදහන්.

කෙසේ නමුත් පොලිසිය පැමිණෙන විට සැකකරුවන් , රුපියල් 50000කට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කර අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ සිදු කරන බව සදහන්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button