පළකල දිනය : Sun, Oct 15th, 2017

පාර්ලීමේන්තු භෝජනාගාරයේ දී සිදුවූ පෙම් හුටපටයේ සාකච්චාව

පසුගිය දිනක පාර්ලීමේන්තු භෝජනාගාරයේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු , මන්ත්‍රීවරියන් ඇතුලු පිරිසක් සුහද සාකච්ඡාවකය.

මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි , පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා, සනත් නිශාන්ත කතා කරමින් සිටින විට පළාත් පාලන ඇමති ෆයිසර් මුස්‌තාෆා ද එතනට පැමිණ තිබේ.

ඇමති ෆයිසර් දුටු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සරදමට මෙන් සිනා ඇත..
 
‘මොකද නිකන් නක්‌කලේට වගේ හිනා වෙන්නේ’ ඇමති ෆයිසර් සනත්ගෙන් ඇසුවේය.
‘නෑ මොකුත් නෑහැ’ සනත් කීවේය.

‘මගේ වැඩේ මොකද? කෙරෙනවාද? එතනම සිටි මන්ත්‍රී මහින්ද යාපා ෆයිසර්ගෙන් ඇසුවේය.
‘ඔව්, ඔව් ඒක කෙරෙනවා’ ෆයිසර් උත්තර දුන්නේය.

‘අපෝ මෙයා කෙරෙනවා කිව්වොත් ඒකේ තේරුම කෙරෙන්නේ නැහැ කියන එකයි. කිසිම විශ්වාසයක්‌ තියන්න බැහැ’ සනත් කීවේය.
‘ඒ මොකද එහෙම කියන්නේ? ෆයිසර් ඇසුවේය.

‘මම පොඩි කතාවක්‌ කියන්නම්. ඉස්‌සර ඉස්‌කෝලේ යන කාලේ ලස්‌සන ගෑනු ළමයෙක්‌ හිටියා. මම මෙයාට හරිම කැමැත්තෙන් හිටියේ. හැමදාම පස්‌සෙන් යනවා. ගිහින් යාළු වෙන්න ඇහුවා. හැබැයි මෙයා හා කිව්වෙත් නෑ, බෑ කිව්වෙත් නැහැ. කැමැතියි වගේ හිනාවෙලා යනවා හැබැයි මොනවත් කියන්නේ නැහැ.

ඉස්‌කෝලේ ගිහින් ඉවරවෙනකම්ම මම පස්‌සෙන් ගියා. කිසිම වැඩක්‌ වුණේ නැහැ. ඒ වගේ තමයි මෙතුමත් අපි එක්‌ක හිනා වෙලා ඉන්නවා ඡන්ද තියනවා වගේ. හැබැයි කවදාවත් තියන්නේ නැහැ’ සනත් පැවසීය.

‘මේ දෙපැත්ත කැපෙන කතා කියන්න එපා’ කියමින් ෆයිසර් හෙමින් සීරුවේ එතැනින් පිටව ගියේය

‘ඇත්තටම මල්ලි ඔයාට ඉස්‌කෝලේ යන කාලේ ගෑනු ළමයෙක්‌ එක්‌ක යාළු වෙන්න බැරි වුණාද? පවිත්‍රා සිනාසෙමින් ඇසුවේ ෆයිසර් ගිය පසුවය.

‘පිස්‌සුද අක්‌කේ. මට එහෙම කිසිම අවුලක්‌ තිබුණේ නැහැ. පස්‌සෙන් ගිය හැම ළමයම මට කැමැති වුණා. මම කිව්වේ ෆයිසර් ගැන’ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ එතන සිටි සැවොම සිනා සයුරක ගිල්වමින්ය.

‘ඇත්ත තමයි එයා කරනවා කිව්වොත් කරන්නෙම නැති ජාතියේ එක්‌කෙනෙක්‌’ මහින්ද යාපා මන්ත්‍රීවරයාද පවසා තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button