පළකල දිනය : Sun, Oct 15th, 2017

ගී ලොව නිහතමානී මාලිනිය ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූවාය (Photos)

විශිෂ්ට ගායිකා විශාරද නන්දා මාලිනිය සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියෙන් පුදන ලද්දේය.

එහි කුලපති මහාචාර්ය සනත් නන්දසිරි, උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඇතුළු එහි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මඟින් නන්දා මාලිනිය මෙතෙක් සංගීතය වෙනුවෙන් කළ මහඟු මෙහෙවර උදෙසා ඇයව මෙසේ අගයනු ලැබීය.

මෙම ගෞරව උපාධිය සමඟින් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ එවන් වූ ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු ගායිකාව ලෙසට නන්දා මාලිනිය ඉතිහාසයට එක් විය.
 
වැඩිම වාර ගණනාවක් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙන් සරසවිය ඇතුළු පිළිගත් සම්මාන උලෙළයන් රාශියකින් සම්මානනීය වූ ඇය සරසවිය පළමු සම්මාන උලෙළේ හොඳම ගායිකාව වීම සුවිශේෂී කරුණක් ද වන්නේය.

එවන් වූ අග්‍රගණ්‍ය ගායිකාවක් වූ නන්දා මාලිනිය ලද එම ආචාර්ය උපාධිය වෙනුවෙන් මෙලෙස සුබාෂිංසන පිරිනමමු.

කුලපති මහාචාර්ය සනත් නන්දසිරි අතින් නන්දා මාලිනි ආචාර්ය උපාධියෙන් පිදුම් ලබද්දී, උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ඇතුළු සම්භාවනීය පිරිස පසෙකිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button