පළකල දිනය : Tue, Oct 17th, 2017

හාරකොටියක් වංචා කල ජපන් භාෂා ගුරුවරිය ගස් !

ජපානයේ රැුකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කොළඹ පිහිටි ප‍්‍රධාන පාසලක ජපන් භාෂා ගුරුවරියක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කඩවත, සූරියපාලූව පිහිටි ඇගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකගතා ගිවිසුම් විශාල ප‍්‍රමාණයක්, රැුකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප‍්‍රකාශද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
 
එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 02 ක්ද හමුවිය.

මෙම කාන්තාව එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7-9 ත් අතර මුදලක් ජපාන රැුකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කර ඇත.

පුද්ගලයින් 50කට අධික ප‍්‍රමාණයකින් මෙම කාන්තාව මුදල් රැුගෙන ඇති අතර එම රැුකියා ලබා නොදුන් බවට පුද්ගලයකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනවලින් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය ක‍්‍රියාත්මක විය. ඇය වංචාකළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකි යැයි විමර්ශන නිලධාරීහු පවසති.

මෙරට ඉතිහාසයේ විදේශ කාර්යාංශය විසින් සිදුකළ විශාලතම මූල්‍ය වැටලීම මෙය බව විදේශ රැුකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

ජපන් භාෂා විශේෂ උපාධිධාරිනියක වන ඇය මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමුකර ඇති අතර 2012 වර්ෂයේ සිට මෙම රැුකියා ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කාර්යාංශය පවසයි.

හඳුවලගේ ශර්මිලා ජයරත්න (අවු. 45* නම් මෙම ගුරුවරිය මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවකු විදේශ ගතවී ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවයි.

මුලාශ්‍රය – රිවිර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button