පළකල දිනය : Wed, Oct 18th, 2017

කුසගින්නට අඹ ගෙඩි 3ක් කැඩු ලලිතා අම්මා කියන සංවේදී කතාව

අඹ මාලුවක් සදහා අසලවූ නිවසක පාරට බරවූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් අවස්ථාවේ අඹ ගස අයිති නිවසේ හිමිකාරිය අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනා.

අනතුරුව පොලීසිය පැමිණ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව පැය 24 ක් පොලීස් සිර මැදිරියේ තමන්ට බීමට වතුර පොදක්වත් නොමැතිව රදවා තැබූ බවට අනුරාධපුර සාලියපුර පදිංචි වයෝවෘද්ධ 64 හැවිරිදි ඒ.ලලිතා මහත්මිය පැවසුවාය.
 
උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් නිවසට පැමිණ මට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 යක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාග කිරීම ස‍ඳහා පොලිසියට පැමිණෙන්න කියලා.

පැමිණිල්ල අසා මා පුදුමයට පත්වුණා.

වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා.

අසනීපෙන් සිටින මා සපාකන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට පැනලා සොරකම් කරන්නේ කොහොමද?

පැමිණිල්ල ඇසූ මා පුදුමයට පත්වුණා. ඇගේ සංවේදී හෙළිදරව්ව පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button