පළකල දිනය : Wed, Oct 18th, 2017

කෙල්ලො කොල්ලෝ ටිකකුත් ඉස්සරහ තියාන සංගයි මහේලයි කියපු අපූරු කතාව

ලොව ඕනෑම කෙනෙකුට තමන් කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිමේ අයිතියක් හා නිදහසක් ඇති බව හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසයි.

ඔවුන් දෙදෙනා මෙම අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතා අදහස් පළකරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල ජයවර්ධන ලංකාවේ පාසල් පද්ධතිය තුළට මිශ්‍ර පාසල් එක් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අතර, සහෝදරියක් පවුලේ නොමැති වූ විට පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘මමත් මේ වැරැද්දට දායක වුනේ නැති වුනාට මමත් ඒ හා සම්බන්ධ වෙච්ච කෙනෙක් නොදැනුවත්ම..දැන් අපි ඉස්කොලෙන් එළියට බැහලා ගැහැණු පාසලක ළමයි දැක්කම ගහන්න බනින්න ඕන නෑ..අපි වචනයෙන් වුණත්..අපි ඇත්ත කතා කරමු..

බඩුවක් කෑල්ලක් කියලනේ ආමන්ත්‍රණය කරන්නේ ඒකත් වැරදි..අපි එතනින්ම පටන් ගන්නවා ඒ වැදගත්කම නොදෙන්න‘‘.

ඇයි ගෑනු ලමයි අඳින දේවල් වල වැරද්දක් පෙන්නේ..එගොල්ලෝ අදින එකෙන් ඕගොල්ලො කොහොමද කියන්නේ එයා එහෙම චරිතයක් කියලා..පිට ස්වරූපයෙන් නෙමෙයි කාවවත් අඳුරගන්නේ ඇතුළත ස්වරූපයෙන්.

“ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්.”

කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කළේය.

එයට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර, : “පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න” යනුවෙන් සඳහන් කළේය.

“හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි.” යැයි සඳහන් කළේය.

වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button