පළකල දිනය : Sat, Oct 21st, 2017

සුප්‍රකට රංගන ශිල්පිනියක් වෙඩි වැදී මෙලොවින් සමුගත් හැටි (Photos)

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සුප්‍රකට රංගන ශිල්පිනියක බව පැවසෙන 22 හැවිරිදි හර්ෂිතා දාහියා පසුගිය දිනක ඇගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඇගේ මුහුණට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසා ඇය වාහනය ඇතුළතදීම මියගොස් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

ඇයට වෙඩි තැබීමට ලක්වීමට සුළු මොහොතකට පෙරත් ඇය තම ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව පැමිණ තිබෙනවා.
 
එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී මින් ඉහත මෙම ගායිකාවගේ මවද ඝාතනය ලක්ව තිබූ බවත් එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මෙම ගායිකාවට පෙර ඝාතන පාර්ශ්වයෙන් මරණ තර්ජන තිබූ බවත් ආනාවරණය වී තිබෙනවා.

ඇගේ මුහුණට වෙඩි ප්‍රහාර 6ක් එල්ලවී ඇති බවත් ප්‍රදේශවාසීන්ට වෙඩි හඬ ඇසී වාහනය දෙසට එන විට ඝාතකයින් පළාගොස් තිබුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button