පළකල දිනය : Tue, Oct 24th, 2017

ව්‍යාජ වීරයින්ට ශලනිගෙන් අපූරු පිළිතුරක් !

බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනයක්වුනු ශලනි තාරකාට පසුගිය කාලයේ දසුන්ගේ මරණයත් සමග බොහෝ චෝදනා රසිකයන්ගෙන් එල්ල උනා.

ඇය ආදරය කල රසික රසිකාවින් පවා දසුන්ගේ මරණයේ චෝදනා ඇයට එල්ල කරමින් ඇයව විවේචනය කරනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් ඇය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් රසික රසිකාවියන්ද සිටි අතර ශලනි තාරකා නිහඩව සිටිමින් එම විවේචන විද දරාගත් බවක් තමයි පෙනෙන්නට තිබුනේෙ.
 
කෙසේ වෙතත් ඇයගේ නිළ ෆේස්බුක් පිටුව වෙත දිගින් දිගටම එල්ලවෙන අපහස හමුවේ ඇය නිහඩ බව බිද උත්තරයක් ලබා දී තිබෙනවා.

ෆේස්බුක් පිටුව තුලින් ශලනි තාරකා දුන් පිළිතුරු පහතින්.

‘‘ අනුන්ගේ කුනු රසකර කමින් මහත් ආස්වාදයක් ලබන වැදගත් පවුල් පසුබිමක් ඇති බව ව්‍යවහරෙන් පිලිබිඹු කරන සමහරක් හට පොදුවෙ කියමි
මේ මාගේ පිටුවයි මෙහි නොහොබිනා ලෙස හැසිරෙන වෛරය පතුරවන සියල්ලන්ම දුටු විගස මෙම පිටුවෙන් ඉවත් කරමි.

ඒ සදහා මා ඇතුලුව තවත් ඇඩ්මින්වරැ 5 දෙනෙක් ඇති බව කාරැනිකව දන්වමි ඔබේ කුනුහරප දැමු ව්‍යාජ ගිණුම් මෙම පිටුවෙන් අවහිරතාවයට ලක්වූවානම් එය අප සැම කල දෙයක් බව සතුටින් දන්වා සිටිමි.

ඉතින් මෙම පිටුව මා පවත්වා යන්නේ මාගේ රසිකයින්ට බවත් තමන්ගේ නියම ස්වරෑපයවත් පෙන්වාගත නොහැකිව ව්‍යාජ ගිනුම් හරහා පැමින කටින් වීරයින් වන බෙලහීන පුද්ගලයින්ට නොවන බවත් තරයේ දැනුම් දෙමි. එමෙන්ම නැවත් වරක් එම ගිණුම් අවහිර කිරීමට පෙර මෙම පිටුවෙන් නම්බු පිටින් ඉවත් වීමට ඉහලින් ඇති unlike button එක click කරන්න.

එය කිරීමෙන් අනතුරැවත් ඔබට මාගේ පිටුවේ යම් දෑ පෙනෙනවානම් ඉහලින් ඇති block button එකද click කල හැක. කිමද එය ඔබේ අයිතියයි. කියු දේ නොතේරෙන පුද්ගලයින් සදහා උපකාරයක් වශයෙන් අප ඇඩ්මින් කණ්ඩායමට එම ඉවත් කිරීමේ උපකාරය කල හැක. එය අපගේ අයිතියයි.

එයින් වන අපහසුතාවයට අපගේ කණගාටුව මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි..සරලවම කිවහොත් we don’t want haters.anyone who hates feel free to leave and block this page Thank you and appreciate
බුදුසරණයි.

“සුභපැතු පහුගිය කාලවකවානුවේ මා ධෛර්යමත් කල සියලු දෙනාට ස්තූතියි.
මා වැටෙනතුරැ බලා සිටි සියල්ලන්ටම දිය හැකි එකම පිලිතුර “බල්ලෝ බිරැවට කදුපාත් වෙන්නෑ”

  • 1.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button