පළකල දිනය : Wed, Oct 25th, 2017

සිංහ කොඩියේ සිංහයාට හිමි නිසි තැන උරුම කරවු වීරයන් තිදෙනකුට මංගල සීනු

ත්‍රස්‌තවාදය අපට ජීවිත පමණක්‌ නොව, තවත් බොහෝ දේ අහිමි කළේය. අපේ දරුවෝ අපට අහිමි වූහ. දේපළ සහ නිදහස අහිමි කළේය. එදා මේ රටේ සමස්‌ත ජනතාවම දිවි ගෙවූයේ ඇවිදින මළමිනී සේ යෑයි කිවහොත් එය අවිවාදිත වන්නකි.

කොයි මොහොතේ කොටින්ගේ බෝම්බයක ගොදුරක්‌ වී ජීවිතයෙන් සමුගෙන යන්නට වේදොaයි යන්න කිසිවකුත් දැන නොසිටියේය. “අර කෝච්චියේ බෝම්බයක්‌ පුපුරලා.. අතන බස්‌ එකක්‌ බොම්බෙකට අහුවෙලා.. අර කාර්යාලයේ මරාගෙන මැරෙන බොම්බයක්‌ පුපුරවලා..”
 
ඉකුත් 2009 මැයි මස 19 වැනිදා වනතුරුම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය දිනපතා නිරන්තරයෙන් අප වෙත ගෙන ආවේ එවන් භිහිසුණු කතාන්දරය. දිනයක ආරම්භයේ හිමිදිරියේ නැගිට ඇස්‌ පිසදමන්නට පෙර සමස්‌ත රටටම ඇසුණේ මළමිනී ගණන් කරන හඬය.

සිංහල, දෙමළ, මුස්‌ලිම්, සහ බර්ගර් ආදී වශයෙන් කිසිදු ජාති බේදයක්‌ එහි තිබුණේ නැත. මේ රටේ ජීවත් වන සමස්‌තයම ගතින්, සිතින් සහ මනසින් ආදී ලෙසින් සම්පූර්ණයෙන්ම හිරි වැටී සිටියහ.

මේ පිංබිම එදා විශාලා නුවරක්‌ව පැවතිණි. තුන් බියෙන් නොව ත්‍රස්‌තවාදයේ ම්ලේච්ඡ භීෂණයෙන් පෙලුනෝ අපම වූහ. එහෙත් අවසානයේ අපේ කාලයේ උපන් දුටුගැමුණු පරපුරේ අපේ වීරයෝ ඒ තුන් බියෙන් හෙවත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් අප ගලවා ගත්හ.

එහිදී ඔවුහු කළ කැප කිරීම වචන කළ නොහැක්‌කාහ. ජීවිත පමණක්‌ නොව ඇස්‌, ඉස්‌, මස්‌, ලේ අත් පා ආදී වශයෙන් බොහෝ දේ දන් දුන් අපේ රණවිරුවෝ සොඳුරු තාරුණ්‍යය උපන් බිම වෙනුවෙන් දියකර අනාගතයට රට භාර දී සදාකාලික අබාධිතයන් සේ පසකෙට වූහ.

දැන් ගෙවෙමින් තිබෙන්නේ එදා මරණය දොaතට ගෙන ජීවත් වූ අපේ මිනිසුන්ට මේ වීරයන් පිළිබඳ මතකයේ රැඳි යුගයක්‌දැයි යන්න සැක සහිතය. සිදුවන සියල්ල තුළ වීරයන් මරා දැමීම හැර අන් දෙයක්‌ දකින්නට නොවීම ඒ සැකයට හේතු වී ඇත.

අපේ විරුවන් එදා දිවිහිමියෙන් ත්‍රස්‌තවාදය සමඟ සටන් වැදුණේ සිංහ කොඩියේ සිංහයාට හිමි නිසි තැන යළි උරුම කර දෙන්නටය. මේ බිම එක ධජයක සෙවනේ තබන්නටය. එහෙත් අද සිංහ කොඩියේ සිංහයා සොයා යන්නට පමණක්‌ නොව, ජාතික ගීයේ අකුරු ඇහිඳින්නටද අපට සිදුව තිබීමෙන් ම පැහැදිලි වන්නේ සිදු කළ සහ සිදු වූ අමතක වීමේ තරම නොවේද?

කෙසේ වෙතත් ගෙවෙමින් තිබෙන්නේ උජාරුවට “ශ්‍රී ලංකා මාතා” කියන අතරේ යටි හිතෙන් “ශ්‍රී ලංකා තායේ” කියමින් ජාතියට ටොකු අනිණ යුගයක්‌ වුවද අපේ කාලයේ මේ වීරයන් පිළිබඳ මතකය සහ ලෙන්ගතුකම ගිලිහී නොගිය සැබෑ මිනිසුන් පිරිසක්‌ තවමත් අප අතර සිටින වග සිහි කෙරෙන සිදුවීමක්‌ ඊයේ (24 වැනිදා) යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් “සැලියුට්‌” උත්සව ශාලාවේදී සිදුවිය.

එය වූයේ ත්‍රස්‌තවාදයෙන් අප සහ රට බේරා ගන්නට ගොස්‌ සොඳුරු තාරුණ්‍යයේදීම පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ අපේ වීරයන් තිදෙනකුට මංගල සීනු හැඬවෙමින් ඔවන්ගේ විවාහ මංගල උත්සවය ඉතාම සොඳුරු ලෙස ගම්පහ “සියනෑවේ අපි” සංවිධානයේ දායකත්වය ඇතිව බෝයගනේ යුද හමුදා “සැලියුට්‌” උත්සව ශාලාවේදී සිදු කෙරීමය.

ඔහු නමින් සම්පත් කුමරා නන්දසිරි විය. ත්‍රස්‌තවාදයෙන් රට බේරා ගන්නට ඉකුත් 2003 වසරේ දී 8 වන විජයබා පාබල රෙජිමේන්තුවට එක්‌වූ නන්දසිරි සතුරාට එරෙහිව උබීතව සටන් වැද සිටියදී ඉකුත් 2006 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා යාපනය නගර්කෝවිල් ප්‍රදේහයේදී සතුරු මෝටාර් ප්‍රහාරයකට ලක්‌ව සිරුරේ වම් අංශය අප්‍රාණිකව අබාධිත තත්වයට පත්විය. එතැන් සිට ඔහුගේ ජීවිතය ගෙවී ගියේ අනුරාධපුර යුද හමුදා උබිමංසල සෙවනේය.

එහෙත් එසේ අබාධිත වූ නන්දසිරි ජිවිතයේ කිසදා තනි නොකරන්නෙමැයි සිතූ යුවතියක්‌ මේ බිමේ සිටියාය. ඇය නමින් නිශාන්ති මධුෂානි වූවාය. ඊයේ (24 වැනිදා) බෝයගනේ සැලියුට්‌ යුද හමුදා උත්සව ශාලාවේදී සිදුවු Rණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවයේ එක්‌ විවාහයක්‌ වූයේ සැරයන් සම්පත් කුමා නන්දසිරිගේ සහ නිශාන්ති මධුෂානිගේ විවාහය ය.

එය අවසන් සටනේදී ප්‍රභාකරන් නම් වූ මිලේච්ඡයා සොයා අපේ විරුවන් මුලතිව් පුදුමාතලන් ප්‍රදේශය දක්‌වාම අඛන්ඩව හඹා ගිය යුද්ධයේ භිහාසුණුම දින කිහිපය විය.

කෝප්‍රල් ගමගේ දොන් තරිඳු චාමිකරද ඒ වන විට ට වන විජයබා පාබල රෙජිමේන්තුවේ සහෝදර රණවිරුවන් සමඟ පුදුමාතලන් යුද බිමේ සිටියේය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. හරියටම යුද්ධය නිමා වීමට දින දෙකක්‌ තිබියදී 2009 මැයි මස 17 වැනිදා එල්ටිටීඊ ත්‍රෂ්තවාදීන් එල්ල කළ මෝටාර් ප්‍රහාරය ගොදුරක්‌ වී ඒ යුද බිමේදී තරිඳු චාමිකර රණවිරුවා බරපතළ ලෙස තුවාල ලැබීය.

එම ප්‍රහාරය හේතුවෙන් අවසානයේ තරිඳු චාමිකර නම් වූ මේ වීරයාට තුනටියෙන් පහළ අප්‍රාණික අබාධිතයකු සේ යදු හමුදා රැකවරණය යටතේ කඹුරුපිටිය අභිමංසල සෙවනේ රැඳෙන්නට සිදු විය. එහෙත් ඊයේ සිදුවූ මේ සුවිශේෂී මංගල උත්සවයේදී මේ වීරයා සමඟ ජීවිතය බෙදා ගන්නට මතුගම ගෝනමුල්ල පදිංචි දිස්‌නා ප්‍රබෝදනී මනාළියක වී ඔහුගේ සුරතේ වෙලුනාය.

යුද හමුදා පාබල රෙජිමේන්තු මූලස්‌ථානයේ රාජකාරි කරනු ලබන කෝප්‍රල් ප්‍රේමසිරිගේ කතාවද එසේමය. අවසන් සටනේ ඉදිරියට ගිය අපේ රණවිරුවන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය වෙත ළඟ වෙමින් සිටියදී ඉකුත් 2009 වසරේ පෙබරවාරි සම 3 වැනිදා සතුරු මෝටාර් ප්‍රහාරයකට ගොදුරුව තුවාල ලැබූ ප්‍රේමසිරිගේ වම් අත සහ වම් පාදය අප්‍රාණික විය.

එහෙත් ප්‍රේමසිරිගේ ඉදිරි ජීවිතය තනි නොවන්නට ඉඩ නොතැබූ මොරකෑවල, විලේවැව පදිංචි චන්දිමා හේමලාත යුවතිය ඊයේ බොයගනේ යුද හමුදා “සැලියුට්‌” උත්සව ශාලාවේදී පැවති මේ සොඳුරු විවාහ මංගල උත්සවයේදී ඔහුගේ අත ගත්තීය.

ඇත්තෙන්ම මේ යුවතියෝ තිදෙනා රූමත්ය, සොඳුරුය. ඒ සොඳුරු බව සමඟ අපේ කාලයේ මේ වීරයන් හා අතිනත ගෙන ඔවුන් රටට කියා ඇත්තේ මහ කැප කිරීම් කළ හැකි විහාර මහා දේවී පරපුරේ දියණියන් තවමත් මේ බිටෙම් සිටිනා වග නොවේද?

ගම්පහ “සියනෑවේ අපි” සංවිධානය කළ මේ ගරුකටයුතු අනගි විවාහ මංගල උත්සවයේදී අපට ජීවිතය සහ නිදහස දෙන්නට තම ශිරීර අවයව දන් දුන් මේ වීරයන් සහ ඔවුන්ගේ අතගත් යුවතියන් වෙනුවෙන් බොහෝ දේ ඉටු කර දෙන්නට බොහෝ මිනිසුන් ඉදිරිපත්ව සිටීමද සතුට දනවන්නේය.

මේ සොඳුරු මංගල්‍යයේදී මනාල මනාළියන්ගේ රණ්‌ ආබරණ, මංගල ඇඳුම්, මංගල කේක්‌, ආහාර පාන, මානාළියන් හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය, සංගීතය ආදී වශයෙන් වූ බොහෝ දේ ලබා දෙන්නට වීරත්වයට ගරු කළ සැබෑ මිනිස්‌සු රැසක්‌ ඉදිරිපත්ව සිටියහ.

ඔවුහු දානපතියෝය. එහෙත් මෙහිදී එසේ නොවූහ. ඔවුහු පරිත්‍යාගහීලීහුය එහෙත් මෙහිදී එයද සිදු නොවීය. ඔවුන් සිදු කළේ යුතුකම් ඉටු කිරීමය. බහුතර සමස්‌තයට යුතුකම් අමතක වී ඇති මොහොතක රටටම එය මතක්‌ කර දෙමින් අපේ කාලයේ වීරත්වය අගැයීමය.

මේ විවාහ මංගල උත්සවයේදී අපේ වීරයන් තිදෙනා සිය මානළියන් සමඟ එකවර මංගල පෝරු මස්‌තකාරූඪ වී එකවර නැකතට හෙළ සිරිත් විරිත් වලට මුල් තැන දී තමන්ගේ ඉදිරි අනාගතයට ගමන අරඹන්නට සැරසුණු මොහොත ඉතාම සුන්දර එකක්‌ම විය. එහිදී මේ හමුදා පුතුන් තිදෙනාගේ ඉදිරි ජීවතයට සුබ පත්න්නට පියකු මෙන් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහෙෂ් සේනානායකද එක්‌ව සිටියේ හදපිරි සතුට හා සෙනහසද සමඟය.

ඉතින් විරුවනි ඔබට ජයෙන් ජය !!

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button