පළකල දිනය : Thu, Oct 26th, 2017

කුඩු තියෙනවා කියලා විදේශිකයෙක් කොල්ලකන්න හදන අඩුකුලේ පරහැත්ත

යුද්ධයේ නිමාවත් සමග ලංකාවට විදේශිකයන් පැමිණීම ඉහල ගියේ සාධාරණව ජීවත්වෙන මිනිස්සුන්ගේ අතමිට සරු කරමින්.

එමෙන්ම ලංකාවේ නම කැත කරන “අඩුකුලේ පරහැත්ත” නැතුවම නොවේ. එවැනි සිද්ධියක් බුකියේ වේගයෙන් share වෙනවා.

ලංකාවේ සිරි නරඹන්න පැමිණි විදේශිකයෙක් කුලියට ගන්නා ලද වාහනයකින් දකුණේ සිට නැවතත් කොළඹ හෝටලයට පැමිණෙන අතරතුර “CID එකෙන්, වාහනේ කොකේන් තියෙනවා.
 
වැල්ලම්පිටිය පොලිසියට යමු” කියා රියදුරුව බියවද්දා එම විදේශිකයා කොල්ලකෑමට දරන උත්සහයක් එම විදේශිකයා Facebook Live එකක් තුලින් මුළු ලෝකෙටම පෙන්වනවා.

නමුත් එම විදේශිකයා පැමිණි කණ්ඩායමේ හැඳුනුම්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය බව දිගින් දිගටම පැවසීමත්, Facebook Live එක නිසා මෙම පිරිස අවසානයේ පලායනවා.

මෙවැනි සිද්ධීන් නිසා ලංකාවේ පොලිසියත් සමස්ත ශ්‍රී ලාංකිකයන් මුළු ලෝකයෙන්ම කොන්වීමට මුලික සාදකයක් වෙනවා නොඅනුමානයි. මෙම සිද්ධිය ලංකාවට එල්ල වෙන මානව හිමිකම් චෝදනා අමු අමුවේ ප්‍රත්‍යක්ෂ කිරීමට උල්පන්දම් දීමක් බවට නොඅනුමානයි.

CID කියමින් පැමිණෙන පිරිස ගමන් ගත් CAE-1114 දරන Honda Vezel රථයේ අංක අප මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වෙබ්අඩවිය තුලින් පරික්ෂා කිරීමේදී වාහනයේ අයිතිකරු n/a යනුවෙන් සදහන් විය.

අප විසින් මෙම සිදුවීම ගැන තව දුරටත් විස්තර සෙවීමට උත්සහකලත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

එම වීඩියෝව පහතින් බලන්න.

https://youtu.be/L2AwMKlPIkw

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button