පළකල දිනය : Sat, Oct 28th, 2017

එකම තැන, එකම පුද්ගලයාගේ මේ ජායාරූප ගන්න අවුරුදු 9 ක් ගත වුණා

අහලා තියෙනවාද කතාවක් , “අපි නැවතීලා බලන් හිටියත් කාලය අපි ලඟට එනවා” කියලා.

ඔව්, එක ඇත්ත. මේ ලෝකේ කිසිම සාධකයකට පුළුවන් කමක් නෑ කාලය නවත්තන්න.

එයා හරිම වේගෙයෙන් අපේ වයස, අත්දැකීම් මේ හැමදෙයක්ම අරන් දුවනවා අපි හිතන්නත් කලින්.
 
ඔබ රැකියාවක් කරන කෙනෙක් ද? මතකද රස්සාවට ගියපු පළවෙනි දවස. තවම ඒ පාරේ ඒ විදියට උදේ හවා රැකියාවට යනවාද? මුල් කාලේත් එක්ක බලද්දි දැන් ඔයාගේ පෙනුම කොයිතරම් නම් වෙනස් වෙලා ද නේද?

ඩෙන්මාර්ක් ජාතික ඡායාරූප ශිල්පීයෙක් ඉන්නවා. ඔහුගේ නම වෙන්නේ Peter Funch. මෙයා වාසය කරන්නේ නිව්යොර්ක් නුවර.

ඉතින් මේ ඡායාරූප ශිල්පීයා අමුතු වැඩක් කරලා තියෙනවා. එ තමයි නිව්යොර්ක් නගරයේ එක් ස්ථානයක් හරහා නිතරම පාහේ රැකියාවට යන පුද්ගලයන් කිහිප දෙනෙක් තෝරා ගන්නවා.

මේ පුද්ගලයන් යම් කිසි කාල වකවානුවක් ඇතුලත කොයි විදියට වෙනස් වෙලාද කියලා මොහු ඡායාරූපයට නගලා තියෙනවා.

මේ කාලේ ලේසි පහසු කාලයක් නම් නෙවේ. අවුරුදු 10කට ආසන්නයි. මේ අපූරු ඡායාරූප එකතුව පළවුනේ, Funch ගේ නවතම පොතක් වෙන 2nd and Vanderbilt span from 2007 to 2016 හි.

මෙතැන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ හැම ඡායාරූපයක්ම අරන් තියෙන්නේ පෙරවරු 8 ත් 9.30 ත් අතර. බලන්නකෝ මේ පින්තුර දිහා.

කොහොමද? හරිම පුදුමයි නේද? අපිට මෙහෙම නම් තමන්ගේ ඡායාරූප මේ විදිය දැක්කාම මේ අයට මොනවා හිතෙන්න ඇතිද? අදහස් අපිටත් කියන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button