පළකල දිනය : Mon, Nov 6th, 2017

ඔබේ අත්ලේත් ‘එම්‘ හැඩයක් සටහන් වී තිබේද ?

අත බලා ශාස්ත්‍ර කීම එසේත් නැත්නම් අත්ලේ රේඛා ඇසුරෙන් අනාවැකි පළකිරීම වසර දහස් ගණනක් අතීතයක් සහිත විද්‍යාවක්.

එය ඉන්දියාව, ඊශ්‍රායලය, බැබිලෝනියාව ආදී ශිෂ්ඨාචාර ගණනාවක් පුරා විහිදී තිබුණු බවට සාධක අපමණයි.

නවීන විද්‍යානුකූලවත් අත්ලේ රේඛා අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය පැවසිය හැකි බව දැන් සොයාගෙන තිබෙනවා.
 
උදාහරණයක් ලෙස ඩවුන්ස් සින්ඩ්‍රෝම් වැනි රෝගී තත්ත්වයන් අත්ලේ රේඛා මගින් පෙන්නුම් කරනවා.

අත්ලේ ප්‍රධාන රේඛාවන් හතරක් මූලිකව දක්නට පුළුවනි. ඒවා නම් ශීර්ෂ රේඛාව, ජීවන රේඛාව, ආදර රේඛාව හා ඉරණම් රේඛාව යනුවෙනුයි.

හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙකු වන ජෝන් සේන්ට් ජර්මේන්ට අනුව ඔබේ නුහුරු අත්ලේ එම් හැඩයක රේඛා සටහනක් තිබේ නම් ඔබට පහත සඳහන් වාසි ලබා ගත හැකියි.

1. ඔබ ඉතා දක්ෂ ලේඛකයෙක් හා ජනමාධ්‍යවේදියකු වනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම යන්නට ඔබට පුළුවනි.

2. මුදල් ඉපයීමේ ශූරයෙක් වන්නට ඔබට හැකියි.

3. ඔබ ස්වයං අධිෂ්ඨානයෙන් හා ආත්ම විශ්වාසයෙන් ලොව ජයගන්නා පුද්ගලයෙක්.

4. ඔබට මනා නායකත්ව හැකියාවක් තිබෙනවා.

5. ඔබට විශාල ධනයක් බලාපොරොත්තු විය හැකියි.

6. වංක පුද්ගලයන් හා රැවටිලි කාරයන් හඳුනා ගන්නට ඔබට පුළුවනි.

ඔබේ අත්ලේ එම් හැඩය සොයා ගන්නේ කෙසේද?

ඔබේ නුහුරු අත්ල දිග හැර ඔබේ ජීවන රේඛාව සොයාගන්න. ඉන්පසු ඔබේ අත්ල හරහා යන ශීර්ෂ රේඛාව සොයාගන්න.

ඉන්පසු ඔබේ ශීර්ෂ රේඛාව හා ඉරණම් රේඛාව යාවන අයුරු බලන්න. ඔබේ ආදර රේඛාව හා එය එක් වූ විට එම් අකුරක හැඩය පෙනේ නම් ඔබ ඉතා වාසනාවන්තයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button