පළකල දිනය : Tue, Nov 7th, 2017

ගව මස් ටෙන්ඩරය දිනු හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

මතුගම නගරයේ ගව මස් වෙළදසැළේ 2018 වර්ෂය සඳහා ටෙන්ඩරය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගෙන ඇති බවට වන පුවත අප මින් පෙර වාර්තා කළ අතර ඉන්පසුව ඒ පිළිබදව බොහො සෙයින් කතාබහක් ඇතිවුනා.

මතුගම ප්‍රාදේශීය සභාවේ ගව මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබුනා.
 
ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මොහොමඩ් ෆාසී මොහොමඩ් පබ්ලිස් හා මාවිට ඥානරතන හිමි ගව මස් වෙළදසැළ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුනා.

පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මොහොමඩ් ෆාසී 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන හිමියන් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා තිබුනා.

ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම ගව මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එලෙස හිමිව තිබුනා .

මස්කඩයේ ටෙන්ඩර‍ය ලබා ගැනීමෙන් පසු මාවිට ඥානරතන හිමියන් පවසා සිටියේ තමන් විසින් ගවමස් කඩය වසා දැමීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූ මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ පවසා සිටියේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වී අනෙක් ටෙන්ඩර්කරුට ගවමස් කඩය හිමිවන බවත් ප්‍රාදේශීය ලේකම් වරයා පවසනවා.

ඒ අනුව මේ පිළිබදව ටෙන්ඩරය දිනු මාවිට ඥානරතන හිමියන් දැක්වුයේ මෙවැනි අදහසකි.

මේ පිළිබදව අදහස් දක්වන උන්වහන්සේ පවසන්නේ මින් පෙර පැවැති සාකච්ඡා වලදි ගවමස් කඩය වසා දැමීමට නම් ටෙන්ඩරය ලබා ගන්න යැයි කියූ ප්‍රාදේශීය සභාව , ටෙන්ඩරය ලබා ගත් පසු මෙලෙස හැසිරීම පුදුමයට කරුණක් බවයි, මීට අමතරව මේ පිළිබදව තමන්වහන්සේ නිතී උපදෙස් ලබා ගැනීම ආරම්භ කර තිබෙන බවත් අප හා පවසා සිටියා.

ප්‍රදේශයේ සියලු විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිහි පිරිස් සමග සාකච්ඡා කොට , නිතී උපදෙස්ද ලබා මීළග පියවර ලබා ගන්නා බවත් , ප්‍රදේශයේ වෙළද සංගමයද තමන් ඇතුලු පිරිසට සහය විමට සුදානමින් සිටින බවත් උන්වහන්සේ නෙත් ගොසිප් අප වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button