පළකල දිනය : Tue, Nov 7th, 2017

සැප රියෙන් ආපු සුරූපි තරුණිය හිටපු සැරයන් යට කරගෙන ගිහින් !

තරුණ කාන්තාවක් පැදවූ සුඛෝපබෝගී මොටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් අසළට කඩාවැදුණු බීමත් තරුණයන් පිරිසක් රථය පැදවූ තරුණිය බීමතින් සිටින බව පවසමින් ඇයට පහරදීමට උත්සහ කරමින් කලහකාරි ලෙස හැසරීම නිසා රිය පැදවූ කාන්තාව ආරක්ෂාව සහිතව පොලස් ස්ථානය වෙත රැගෙන යාමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයට පෙරාද (05)ද රාත්‍රියේ සිදුවිය.

අනුරාධපුර – පුබුදුපුර ප්‍රධාන මාර්ගයේ පුබුදු මාවත ආසන්නයේ මෙම යතුරුපැදිය හා මෝටර් රථය එකිනෙක ගැටී අනතුරට ලක්වූ තඅර ,අනතුරෙන් දැනට සේවය අත්හිටුවා සිටින හොරොව්පතාන පොලීසියේ සැරයන්වරයෙකු වූ උපාලි රත්නායක නැමැත්තා පාදයක අස්ථි බිඳී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්නෂණ රෝහලට ඇතුළත් කොට තිබිණි.
 
අනතුරෙන් කාන්තාව පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයට බරපතළ අලාභහානි සිදුව තිබූ අතර, අසළ වූ නිවාඩු නිකේතනයක මත්පැන් බොමින් සිටින බීමත් පිරිසක් ඇය බීමතින් සිටින බවට දොසනා කිරීම නිසා ඇල්කොලයිසර් හා වෛද්‍ය පරීක්ෂණයටකට යොමු කිරීමෙන් අනතුරුව ඇය මත්පැන් පානය කර නොමැති බව අණාවරණය කිරීමටද සිදුවිය.

මොටර් රථය පැදවූ කාන්තාව ස්නායු අබාධයකින් පීඩා වඳින අතර,ඇය ඕෂධ කිහිපයක් රැනෙ යාමට දහයියාගම හන්දියේ පිහිටි ඕෂධ හලකට පැමිණි අවස්ථාවේ අනතුර සිදුව තිබෙන බව පොලීසිය පැවසුවේය.

රිය අනතුරෙන් අනතුරුව ඇය රෝගි වීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර,ශල්‍යකර්මයට භාජනය කර සිටින ඇයගේ තත්වය අසාධ්‍ය වූ බැවින් ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට රෝහල කටයුතු කර තිබිණි.

කාන්තාව බීමතින් සිටින බව කියමින් කලහාකාරීව හැසිරුණු මත්පැන් පානය කළ තරුණයන් පිරිස ඇයට හා මෝටර් රථයට පහරදී අළාභහානි සිදු කිරීමට උත්සහා කරන බවට සැපත්වීමත් සමග අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළ නිළධරීන් පිරිසක් එහි ගොස් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු එහි පැමිණි සිටි ඇගේ පියා සමගින් ජීප් රථයෙන් පොලිස් ස්ථානයට රැගෙන විත් තිබේ.

බීමතින් කලහකාරිව හැසිරුණු පිරිස “රිය අනතුර කළ ගෑනි අපිට දීපියව්” යනුවෙන් පවසමින් පොලිස් නිළධාරීන්ට කෑකෝගසා ඇති අතර පොලිස් නිළධාරීන් ඔවුන් සංසුන් කර අනතුරට ලක්වූ රථ දෙකද පොලිස් භාරයට ගෙන පොලස් ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button