පළකල දිනය : Thu, Nov 9th, 2017

ඇල්පිටියේ තෙල් පෝලිමේ සිටි අයෙකු හදිසියේ මරු දකී !

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය තෙල් පිරවුම්හළ අසල 08 වන දින පුරා පැය පහකට අධික කාලයක් රැදි සිටිමින් ඉන්ධන ලබා ගන්නට තෙල් පොලීමේ සිටි පුද්ගලයකු මියගොස් ඇත.

ඒ උතුරුමාගල පදිංචි සිටි 53 හැවිරි දි ජයන්ත පේමලාල් නැමැති තිදරු පියෙකි. හෙතෙම උතුරු මාෙගල ආදාහානාගාරයේ මුරකරුවෙක් වශයෙන් සේවය කර ඇත.
 
පුරා පැය පහකට අධික කාලයක් තෙල් ලබා ගන්නට තෙල් පෝලිමේ සිටි ජයන්ත මහතා තෙල් පෝලිමේ සිටි පිරිස සමඟින් කල කොලොප්පම් කර මින් සතුටුව ගිනි අවුවේ අනෙක් පිරිස සමඟ තෙල් පෝලිමේ සිට ඇත.

මේ ආකාරයට තෙල් පෝලිමේ පැය පහකට අධික කාලයක් සිටිය ජයන්ත මහතා එක්වරම ක්ලාන්ත වී බිම ඇඳ වැටී ඇත.ඉන් පසුව ජයන්ත මහතා තෙල් පෝලිමේ සිටි පිරි විසින් ඌරගස්මන් හන්දිය රෝහලට ගෙන ගොස් ඇත.

පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ගාල්ල ඇල්පිටිය රෝහලට ගෙනගොස් ඇත. මෙහි දී ඇල්පිටිය රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ රෝගියා මිය ගොස් ඇති බවයි.

ඒ හදිසි හෘදායාබාධයක් ඇති විම නිසා බව ඇල්පිටිය රෝහලේ වෛද්‍යවරු පවසා ඇත.දේහය මේවන විට ඇල්පිටිය රෝහලේ තැම්පත් කර තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button