පළකල දිනය : Sat, Nov 11th, 2017

කොළඹ හැලෝවින් පාර්ටියකට ගිය කොල්ලෙක් අනාථ වෙයි !

අපි මේ කතාව මෙහෙම පටන් ගමු. ඔක්තෝම්බර් 31 කියන්නේ ලෝකේ හැම රටකම වගේ සැමරෙන උත්සවයක් කෙරෙන දවසක්.

ඒක සමහර රටවල කෙරෙන්නේ අතලොස්සක් අතර විතරයි. ඒකට කියන්නේ හැලොවින් පාර්ටි කියලා.

හැමෝම එදාට එන්නේ අරුම පුදුම ඇඳුම් ආයිත්තම් ඇඳගෙන. ඒ වගේම මුහුණ, අතපය වර්ණාලේප කරගෙන.
 
යක්ෂ, පිසාච, භූත වෙස් ගෙනෙන වෙස් මුහුණු පැළඳගෙන තමයි ඒකට එන්නේ. ඒකටම සැරසෙන සරසන තැන් තියෙනවා. ඒ පාර්ටි එකේදී කරන්නේ ත්‍රාසය, බය, තිගැස්ම අතර ගෙවන දෑ. ඒකත් එක එක රටවල එක එක පවුල් පන්ති අනුව වෙනස් වෙනවා. සමහරු ජාමෙට හැලොවින් පාර්ටි අරගන්නවා.

තව අය ඊට එහා ගිහින් හැලොවින් පාර්ටි අරගන්නවා. තව අය ඊට එහා ගිහින් හැලෝවින් පාර්ටි නමින් තමන් නොදන්නා අය එක්ක රෑ කළුවරේ නිදියනවා. මොකද හැමදේම වෙන්නේ අඬ අඳුරෙනේ. කන්න, බොන්න, නටන්න, හිනාවෙන්න, බය වෙන්න, කැමැති වෙන්න බලපෑමක් නෑ.

මොකද මේකට එන හැමෝම ඕනෑම දෙකට කැමතියි. ඉතින් මේ කොළඹ ඒ වගේ හැලෝවින් පාර්ටි එකක කතාවක්. එතැන මුළු ගෙදරම ලස්සනට කනත්තක් වගේ සරසලා තිබුණා. මල් වඩම්, මිනී පෙට්ටි පවා තිබුණා. අඩු මිළ මිනී ටික විතරයි. මෙන්න ඒ අයත් එනවා.

කෝ මල්ලි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්..

අර ඉන්නේ රතු ඩ්‍රේකියුලා ඇඳුමක් ඇඳගෙන..

අම්මෝ එයා නම් ඒ වගේම තමයි. දැන් මොකද වෙන්නේ ඉතින්..

මාත් දන්නේ නෑ. බලාගෙන ඉමු. ෂෙඩුල් එකේ හැටියට තව ටිකකින් මේක කරන අය එනවා. ඩිජේ එකක් තියෙනවා. කන්න, බොන්න ඔක්කොටම එක්කෙන්ක්ගෙන් විසිදහයි. ගර්ල් කෙනෙක් එක්ක එන්න පුළුවන්. එයාට ෆ්‍රී හැමදේම.

ඉතින් ඔයා විසිදහසක් දුන්නද……

ඔව්. ඔක්කොම කපල් දහයයි. මේකත් එක අත්දැකිමක්නේ ජීවිතේට.එකයි ආවේ.

නියමයි හොඳේ…

ඔයත් ලස්සනයි ඇඳුමට. හරියට මහසෝනා වගේ. කාටවත් කියන්න බෑ නෙවෙයි කියලා.

හරි හරි කෝ ඉතින් ඔයාලගේ ලොකු යකා……

දැන් එයි. එතකන් මොනවා හරි බොමු..

ගාණට බොමු…

ඊටපස්සේ අපි හිටියේ ඒ වැඩේ කර කර. කාලය හිමින් ගෙවිල රෑ දහය වුණා. ඒ එක්කම ගිරිය යටින් කෑගහන සද්දයක් හතරවටින්ම ආව. ඊටපස්සේ ඒ කෑ ගහපු පිරිසටම හරියන නානාප්‍රකාර ඇඳුම් ඇඳගත්ත හත් අට දෙනෙක් මුහුණු ආවරණ ඇතිව එතැනට ආවා.

ඒ අය කිසිම පැකිලීමකින් තොරව හැමෝම ගාවට ගිහින් එක එක්කෙනාව වැළඳ ගත්තා . කන් පැලෙන්න ඩීජේ එක රැව් දෙන්න පටන් ගත්තා. අතින් අත මාරු වෙමින් වීදුරු සිගරැට්, සුස්ති එහා මෙහා පාවුණා. සමහරු කකා හිටියා. සමහරු බිබී හිටියා. සමහරු නට නටා හිටියා. තව ඉටිපන්දම දල්වාගෙන නයි නටවමින් හිටියා.

මරු නේද මල්ලි..

මරු නම් තමයි. මට කෙල්ලව පේන්නේ නෑ…

ඔය දැන් නට නටා හිටියේ. ඔයා දන්නවනේ ඉතින් මේ වගේ තැනක වෙන දේවල්. ඒකනේ එයාවත් එක්කගෙන ආවේ.

දෙයියම්පා අයියේ මං දැනන් හිටියේ නෑ. මටත් දැන් කැරකෙනවා වගේ. මං නටනවා.

දැන් කරන්න තියෙන්නේ එච්චරම තමා ඔයාට….

ඊටපස්සේ ඔහු නටන්න ගත්තා. ඒ අතරේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හතර පස් දෙනෙක් එක්ක කළුවරේ මුවා වෙලා ගියා. මාර පාටියක්. මං තනියම හිත හිත ඉද්දි කෙනෙක් මං ළඟට ආවා. බකමුණා කොළ තුනක් කිව්වා. මං එපා කිව්වා. ෆීල් එකක්. මෙතැන හිටියොත් මටත් වෙන්නේ එක එක අය එක්ක ගණන් හදන්න. ඒ නිසා මං නැගිටින්න හදනකොට ඩ්‍රේකියුලාගේ නංගි වගේ ඇඳගත්ත කෙනෙක් ඇඟිලි තුනක් පෙන්නලා ඔළුවෙන් ළඟට කතා කළා.

මං එයා නොදැක්කා වගේ නටන කට්ටිය මැද්දට ගියා. ඊටපස්සේ හොඳටම නැටුවා. මගේ ළඟ ඉන්න අයව බදාගෙන පවා නැටුවා. පාටිය ඉවර වුණා. මං පුටුවක වැටිලා හොඳටම ගොරවමින් හිටියා. මාව මෙහෙට එක්කන් ආපු මල්ලිවත් අඬ ගහගෙන එළියට ඇවිත් ට්‍රයිෂෝ එකක නැඟලා එන්න ආවා. ඊට දවස් දෙක තුනකට පස්සේ මට ආයෙත් අර මල්ලිව හම්බවුනා.

එදා මරු නේද…

මොනවා කියනවද ඔයා. අරකි මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා. මට මාස දෙකයි ඒකිව සෙට් වෙලා. ෆිනෑන්ස් කොම්පැනියක වැඩ කිව්වේ…එයාම තමයි ඔය පාර්ටි එක ගැනත් කිව්වේ. උන් කෙල්ලෝ පස් හය දෙනෙක් එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. මං දන්නේ පස්සේ. හැම අවුරුද්දකම ඔක්තෝම්බර් 31 කොහේ හරි කොළඹ තැනක ඕක වෙනවා. මට යාළුවෙක් කිව්වේ. මාස දෙකකට මාව කොටු කළා. දැන් එකී කොහෙද කියලා නෑ. ෆෝන් වැඩ නෑ.

එහෙම එකක් නෙවෙයිනේ වුණේ. ඔයාගේ කැමැත්තෙන් නේ ගියේ……

හරි මේ ඔක්කොමගේ ප්ලෑන් එකක්. මං අහුවුණා.

ඉතින් අත්දැකීමක් ඉතිරියිනේ ජීවිතේට………

මට විතරක් නෙමේ ඔයාටත් එහෙම නේ..

ඇයි ඒ…

ඔයාගේ සල්ලි දුන්නෙත් මං……

අනේ ඇත්තද. මහසෝනට ඇඳගෙන ගිය නිසා මං හිතුවා මට ෆ්‍රී කියලා….

ඉතින් එච්චරයි කතාව. නමුත් මේ කතන්දරේ ඔබට නොතේරුණු තැන් ඇති.මොකද මේක ගෙඩිය පිටින්ම මෙහෙමයි කියලා ලියල ඉවර කරන්න බැරි නිසා.

උපුටා ගැනීම අනු සමඟ මහා පාරේ – ජනයුගය පත්තරෙන්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button