පළකල දිනය : Sun, Nov 12th, 2017

මම ළඟට එන කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා

අනුරාධපුර නගරයම වෛශ්‍යාවන්ගේ හා නගර සෝභනියන්ගෙන් පිරි තිබෙන බව පසුගිය දිනවල විවිධ පුවත් පල වුනා.

ඒත් සමගම අනුරාධපුර පොලීසිය මගින් පූජා නගරය හා ඒ ආශ්‍රීතව සිදු කළ විවිධ වැටලීම් පිළිබදව නිරන්තරයෙන් අසන්නට ලැබුනා.

කෙසේ වෙතත් අනුරාධපුර නගරයේ සිට කලක තිස්සේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකගේ පාපොච්ඡාරණයක් මුද්‍රිත මාධ්‍ය විසින් පළ කර තිබුනා.
 
එහිදි ඇය ප්‍රකාශ කර තිබුනේ තමන් සිය කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තෝරාගත් බවටයි.

ඇය සමග සිදු කළ සම්පූර්ණ සංවාදය පහතින්,

”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ.

පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා.

හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ.

හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…”

”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා.

දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා.

ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button