පළකල දිනය : Mon, Nov 13th, 2017

පරම්පරා ගණනක්ම අවුරුදු 33 ට කලින් මියයන මැල්සිරිපුර අරුම පුදුම ඛේදවාචකය.

එකම පවුලක ජීවත්වන පිරිසක් වයස අවුරුදු 30 සිට 33 ත් අතර කාලයේදී ජීවිතක්ෂයට පත්වන ඉතා අවාසනාවන්ත පුවතක් මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයෙන් අසන්නට ලැබෙනවා.

මෙලෙස වයස අවුරුදු තිහක්, තිස්තුනක් වන විට ජීවිතක්ෂයට පත්වන්නේ එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් වන බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුව නිසා ඔවුන්ගේ දරු මුනබුරන්ද ඉතා අසරණ තත්වයට පත්ව සිටිනවා.
 
පසුගිය දිනක හදිසි රියඅනතුරකින් යුවළක් එකම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවන් තුන්දෙනෙකු අවතැන් වූ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලන අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණා.

මැල්සිරිපුර ගම්මානයේ එක පවුල සහෝදරියන් දෙදෙනෙක් ජීවත්ව සිට ඇති අතර ඔවුන් දෙදෙනාට දරුවන් තුන්දෙනෙකුද සිට තිබෙනවා.එම සහෝදරියන් දෙදෙනාද වයස අවුරුදු 32 සහ 33 අතර කාලයේදී හඳුනා නොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔවුන්ගේ දරුවන් කුඩා කාලයේදීමයි.

එසේම ඔවුන්ගේ ස්වාමීපුරුෂයන්ද වයස අවුරුදු 33 සහ 32 කාලයේදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.එතැන් පටන් ඔවුන්ගේ දරුවන් ඥාති පවුලක් විසින් හදාවඩා ගෙන තිබෙනවා. එම දරුවන්ද වැඩිවියට පත්ව විවාහවී දරුවන් බිහිකර තිබෙනවා.

මේ අතරතුර කාලයේ එක් සහෝදරියකගේ පුතෙකු වයස අවුරුදු 33 වන විට හදිසී අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සිදුවීමෙන් පසුව මියගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය ස්වාමීපුරුෂයා සමඟ දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේදී රිය අනතුරකින් එකම ස්ථානයකදී මිය ගොස් තිබෙනවා.

මෙම පවුලේ දැනට ඉතිරී වී සිටින බිරින්දෑවරු දෙදෙනාම වයස අවුරුදු 32 හා 33 වයස්වල පසුවන නිසා ඔවුන්ද මේ වන විට දැඩි මානසික පීඩනයකින් ජීවත්වන බවද වාර්තා වෙනවා. එසේම රෝෂිණී ප්‍රදීපිකා නමැති මෙම පවුලේ සාමාජිකාවක් පවසන්නේ මේ සිදුවීම නිසා තමන් ඉතා බියකින් පසුවන බවයි.

ඉතාමත් දැඩි අසරණ භාවයට පත්ව සිටින මෙම දරුවන් හදාවඩා ගන්නා මෙම පවුලේම ඥාතීවරියක් වන සමන්තිකා කුමාරි පවසන්නේ මෙවැනි අදහසක්.

“ඇත්තටම අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මමයි මගේ අයියා එ පුංචි කාලෙ ඉඳලම මේ දුක් කන්දරාව විඳිනවා. තවත් ඒ දුක අවසන් වීමක් නෑ. දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටවුනුත් එක්ක මැරි මැරි උපදිනවා.

මගේ සහෝදරියන් දෙදෙනෙකු ගේ දරුවෝ තමයි මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ දරුවනුත් දැන් අසරණ වුණා මගේ සහෝදරියන් දෙදෙනාට සහ එයාලා කසාද බැඳපු අයට හරියටම අවුරුදු 33 වෙද්දී එය පුංචි දරු පැටවුන් දාල ගියා. ගමගේ අයියා බොහොම අමාරුවෙන් ඒ පුංචි දරුවො ටික ලොකු මහත් කළා. අම්මා නැතිවුණා කියලා අගහිඟ කලේ නෑ. පුළුවන් විදියට කළා. කසාද බන්දලා දුන්නා.

ඒ දරුවෝ තුන්දෙනත් එක්ක පවුලෙ දරුවො තුන්දෙනා තුන්දෙනා බැගින් පවුල් දරු පැටව් නවදෙනෙක් හම්බුනා. හරියටම අවුරුදු 33, 32. වෙද්දී අම්මලාට තාත්තලාට වෙච්ච දේ සිදුවෙමින් තිබෙනවා.

එක පවුලක එක සහෝදරියගේ දියණියත් එයාගේ මහත්තයයි දෙන්නම නැති වුණා. දරු පැටවු තුන් දෙනා අනාථ වුණා. ඒ තුන්දෙනා බලාගන්නෙත් මම. ඒත් එක්කම ඒ අක්කගේ පුතා හදිසියේ රිය අනතුරක් වෙලා මියගියා. එයාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.

අනිත් අක්කගේ දුව බැඳපු මහත්තයා එකපාරටම ලෙඩක් හැදිලා අවුරුදු තිස්තුනක් වෙනකොටම මිය ගියා. එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අහිංසක දරු පැටව් හය හතර නොදන්න නවදෙනෙක් අනාථ වෙලා. මේ සියලු දෙනාටම පුළුවන් විදියට අපි සලකනවා.

ඇත්තටම මම ඉල්ලා සිටින්නේ මේ පුංචි පැටවුන්ට කවුරුහරි උදව්වක් කරනවා නම් ලොකු දෙයක් ඉන්න හිටින්න තැනක් නෑ කන්න බොන්න දෙයක් නෑ ඒ අයට කොහොම හරි අපිට පුළුවන් විදියට තමයි සලකන්නේ. ඒ නිසා මේ පැටවුන්ට අඩුම තරමේ ගෙයක් දොරක් වත් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්”

  • 6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button