පළකල දිනය : Sat, Nov 18th, 2017

මට එයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා

නිලන්ති ඩයස් කියන්නේ රංගනයෙන් වගේම නර්තනයෙනුත් සුපිරි දක්ෂතා දක්වපු නිළියක්.

ඇය කාලයක් නිර්මාණවලින් දකින්නේ ලැබුණේ නෑ.

ඒකට හේතුව මොකක්ද? ඒ වගේම නිලන්තිගේ අලුත්ම තොරතුරු මොනවද..?

මේ හැමදේම නිලන්ති සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
 
කොහොමද ජීවිතේ…?
රංගන කටයුතුවලින්නම් මේ කාලයේ තරමක් දුරස්වයි පසුවන්නේ. නමුත් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා සහ ඒ සඳහා සහභාගී වෙනවා.

ආයෙත් රියැලිටි වැඩසටහන් හරහා ඩාන්සින් පැත්තට වැඩි අවධානයක් දීලයි තියෙන්නේ. ඒ දේවලුත් එක්ක බබාගේ වැඩකටයුතුවලට වැඩි කාලයක් වෙන් කරමින් සතුටින් කාලය ගත කරනවා.

ළඟදි අලුත් නිර්මාණයකට එහෙම සහභාගී වුණේ නැද්ද..?
තවම බබාට අවුරුදු 4 යි. ඉතිං එයා වෙනුවෙන් කැපවුණා ඇරෙන්න කලාවට වැඩි කාලයක් වෙන් කළේ නැහැ. දිගටම බබා එක්කම හිටපු නිසා මම එයාගෙන් ඈත්වෙනවට දැන් බබා කැමති නෑ. ඉදිරියේදී ලැබෙන හොද නිර්මාණයකට රංගනය ලබාදෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

ඔබ දැන් කලාවෙන් දුරස් වෙලාද..?
කලාවේ රැඳිලා ඉන්නවා. පසුගිය කාලේ මම දිගටම චිත්‍රපටවල වැඩ කළා. නමුත් දැන් කාලයක් නිහඬව හිටියා. සමහරවිට ඒ නිහඬතාවය දුරස්වීමක් හැටියට පේනවා ඇති. රංගනයෙන් ටිකක් ඈත්වෙන්න වුණත් නර්තනය හරහා කලාව තුල මම රැදිලා ඉන්නවා.

කලාවෙන් දුරස් වෙන්න ආරාධනා නොලැබීමත් හේතුවක්ද..?
නෑ… ආරාධනා ලැබෙනවා. නමුත් රූගත කිරීම්වලට පිට පළාත්වලට යන්න වුණාම ටිකක් අමාරුයි. කොළඹ අවට නම් ප්‍රශ්නයක් නෑ. ටිකක් දුර යන්න වුණාම බබාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒ හේතූන් නිසා ලැබෙන ආරාධනාත් මගහැරුණා.

ඔබ සාමාන්‍යයෙන් නිර්මාණයක් තෝරාගනිද්දි සැලකිලිමත් වෙන කරුණු මොනවද..?
ලැබෙන චරිතය සුදු චරිතයක් වුණත් ඒ තුල යමක් කරන්න පුළුවන්නම් මම ඒ චරිත්ය බාරගන්නවා. එකම රාමුවකට රාමුගත නොවී විවිධාකාර පරාසයන් තුලින් ගොඩනැගෙන චරිත ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි.

නිහඬව ඉන්නකොට ඒක ජනප්‍රියත්වයට හානියක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?
නිතරම දකින්න නොහිටියට ජනප්‍රියත්වයට ඒක තරමක් දුරට හානිදායකයි තමයි. නමුත් මම එකදිගට කාලයක් සිනමාව හරහා සම්බන්ධ වුණු නිසා මාව දන්න හඳුනන විශාල පිරිසක් ඉන්නවා.

අපේ ජීවිතවලත් පෞද්ගලිකත්වයක් තියෙනවා. එතැනදි මවක්, බිරිඳක් ලෙස යුතුකම් සහ වගකීම් රැසකුත් තියෙනවා. ඉතිං ඒවා අනිවාර්යෙන්ම විය යුතුයි.

ජනප්‍රියත්වය කාලයත් එක්ක නැවත ගොඩනගා ගන්න පුළුවන්. නමුත් බබාගේ මේ හුරතල් වයස ආයෙත් එන්නේ නෑනේ. ඒ හින්දා මේ කැපකිරීම ලොකු සතුටක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button