පළකල දිනය : Tue, Nov 21st, 2017

කාන්තාවන්ගේ තොල් වල හැඩයෙන් හෙළිවන ජිවන රහස්

කාන්තාවන්ගේ තොල් වල හැඩය අනුව ඔවුන්ගේ මුහුණට ලැබෙන්නේ ඉතා ලස්සන පෙනුමක්.

නමුත් එය ඔවුන්ගේ ගති ගුණ පිලිබදව මෙන්ම වාසනාව හා අවාසනාව පිලිබදව හෙළිකරන බව ඔබ මින්පෙර අසා නොතිබෙන්නට ඇති.

කාන්තාවක් වචන වලින් නොපවසන නමුත් ඔවුන් පිලිබදව හෙළිවන කරුණු රාශියක් ගැන අද අප ඔබව දැනුවත් කරනවා.
 
රේඛාවක්‌ සහිත සිනිඳු තොල් ඇති ස්ත්‍රීන්.

මෙවන් ස්‌ත්‍රීන් සිටින ස්ථාන වලට යස ඉසුරු පිරි ඉතිරි යනවා. දන් දීමට දැඩි කැමැත්තක් දක්වන මොවුන් සමාජයේ උසස්‌ තනතුරු ලබයි.

වාසනාවන්ත විවාහයකට හිමිකම් කියන මොවුන් තම සැමියාට බෙහෙවින් ආදරය කරයි.

පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්‌ත්‍රිය.

මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ඊර්ෂ්‍යා කාර ගතිපැවතුම් වලින් පිරි අනුන්ගේ වචනයන් වලට මෙල්ල කිරීමට නොහැකි වනවා. මුදල් වියදම් කිරීමේදී කිසිදු පාලනයක් නොමැති මොවුන් ධනවත්ව සිටියත් දිලිදු බවට පත්වීමට පුළුවන්. පවුලේ නිතර දබර ඇති කරගන්නා මොවුන් කාම ආශාවන් කෙරේ දැඩි නබුරුතාවයක් දක්වයි.

රවුම් රෝස පාට තොල් හිමි ස්‌ත්‍රිය.

මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තයි. ඔවුන් කරන ඕනෑම දෙයක් සාර්ථක වනවා. ජිවිතේ කම් කටලු වලට මුහුණදීමට හැකි දැඩි පෞර්ෂත්වයකින් යුතු මොවුන් විවාහ ජීවිතයේදී සතුටින් කල් ගෙවනවා.

මුහුණට වඩා තොල් කළු පැහැති ස්‌ත්‍රිය.

අනුන්ගේ සිත් රිදවන වචන පැවසීමට මොවුන් ඉතා දක්ෂයි. තම සැමියාට ගරු නොකරන නිතර කරදර කරන වදක භාර්යාවන් ලෙස හැදින්වීමට පුළුවන්.

උඩු තොල සිහින්ව පිහිටි ස්ත්‍රීන්.

මොවුන් දැනුමින් පරිපුර්ණ දුර දක්‌නා නුවන ඇත ස්ත්‍රීන් වනවා. මොවුන් ධනය රැස්කිරීමට කැමැත්තක් දක්වන අතර අනවශ්‍ය ලෙස වියදම් නොකරයි. සාර්ථක ජිවිතයක් ගත කරන මොවුන් විවාහ වීමේදී බුද්දිමත් හොද ගතිගුණ තිබෙන සහකරුවෙකු සොයයි.

තොල් දෙපල මහත්ව පිහිටන ස්‌ත්‍රිය.

මොවුන් ජීවිතයේ අපමණ දුක්‌ කම් කටලු වලට මුහුණදෙන අතර දුක සිතතුළ සගවාගෙන සිටියි. දිළිඳු ජීවිතයක්‌ ගත කිරීමට සිදුවුවත් කිසිම විටක උත්සාහයන් අත්නොහරි.

උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්‌ත්‍රිය.

මෙවැනි ස්‌ත්‍රීන් රණ්ඩු දබර වලට බර පරුෂ වචන කතාකරන ස්ත්‍රීන් වනවා, අනුන්ට උදව් නොකරන තමාගේ මතයේම සිට වැඩ කරන කිසිවෙකුට දැඩිසේ ආදරය නොකරන තමා ගැන පමණක් සිතන ස්ත්‍රීන් වනවා.

උඩු තොලෙහි රෝම පිහිටීම.

මොවුන් දැන උගත් බුද්දිමත් වුවත් එයින් ප්‍රයෝජන නොලබයි. බොහෝ පිඩා වලට මුහුණදීමට සිදුවන අතර හදවතට එකඟව වැඩ කරයි. විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට මෙවැනි ස්ත්‍රීන් සුදානම්.

ස්ත්‍රීන්ගේ තොල් වලින් හෙළිවන මෙම රහස් කරුණු වල ඇති සත්‍ය අසත්‍ය තාවය පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද ඔබගේ අදහස කමෙන්ට් කරන්න යහළුවන්ට දැනගන්න ෂෙයාර් කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button