පළකල දිනය : Sat, Nov 25th, 2017

සින්දු කියලා නඩු අහන්න යන ලතාගේ මිනිපිරි මෙන්න (Photos)

ගීත කෝකිලාවගේ මිනිපිරි වෙච්ච ගඟුලි වල්පොළ සංගීත ලෝකේ කරන්න යන දෙයක් ගැන මේ සති අන්තේ පුවත්පත් සාකච්ජාවකදී මෙහෙම කියනවා..

වල්පොළ සංගීත පවුලේ නම එක රැයකින් බැබලෙව්වා නේද ?
රූපවාහිනියේ “සිහිනයකි රෑ” සංගීත වැඩසටහනේ ගීත ගායනයෙන් පස්සේ තමයි ඔය කියන වැඩේ වුණේ.

මගේ තාත්තා තමයි අමිත් වල්පොළ. එදා සින්දු තේරුවේ මගේ ආච්චි ලතා වල්පොළ.
 
ඒ දවස්වල ඉඳලම සංගීතයට උනන්දුද ?
ඒ දවස්වල සංගීතය පැත්තෙන් ලොකුවට මම ඉස්මතු වෙච්ච කෙනෙක් නෙමේ. මොකද මම ගොඩක්ම අධ්‍යාපනය පැත්තට තමයි මුල් තැන දීලා මගේ ඉලක්කවලට ගියේ.

දැන් ඉතින් සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් නේ ?
ඔව්.සිහිනයකි රෑ වැඩසටහනෙන් පස්සේ මගේ හිතේ ලොකු පිබිදීමක් තියෙනවා. මම දැනට නීති විද්‍යාලයේ 3 වැනි වසරේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ.

කොහොම වුණත් ලෝයර් කෙනෙක් හැටියට දිවුරුම් දෙන්න කළින් හොඳ සින්දුවක් කියලම නඩු අහන්න තමයි හිතාගෙන ඉන්නේ.

ආච්චිගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
ආච්චි තමයි ඉතා ඕනෑකමින් මාව මේ සංගීත යාත්‍රාවට ගොඩකරන්න මහන්සි වුණේ.

සංගීතය හදාරනවද ?
මම ටිකක් හරි ඉගෙන ගෙන තියෙන්නේ බටහිර සංගීතය තමයි.

වැඩිපුර කැමතියි ආච්චිලගේ කාලේ සින්දුවලටද නව පරපුරේ සින්දුවලටද ?
ආච්චිලගේ කාලේ සින්දුවලට ගොඩක් ආසයි. ඒවායේ මොකක්ද කියන්න බැරි සියුම් රසයක් තියෙනවා. දැන් තියෙන ගොඩක් සින්දුවල ඒ රසය මැරිලා වගේ කියලයි මට නම් හිතෙන්නේ.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button