පළකල දිනය : Mon, Nov 27th, 2017

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ විවාහ ගිවිසගැනීම හෙට (Photos)

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඇමරිකානු නිළියක් වන මෙග්හන් මාකල් සමග ආරම්භ කල පෙම් සබඳතාවය පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.

එසේම මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයන්ද විශාල අවධානයක් යොමුකර තිබුනා.

මේ පිළිබඳව බොහෝ දෙනාට තිබුනු කුතුහලයක්ව තුරන් කරමින් තමන් මාකල් සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට හැරී කුමරුන් ප්‍රකාශ කර තිබුනා.
 
කෙසේ වෙතත් හැවිරිදි හැරී කුමරුන් විවාහ වන්නට යන මාකල් හැරී කුමරුන්ට වඩා අවුරුදු 3 කින් වැඩිමල් බවද පැවසෙනවා.

දෙමාපියන් වන තෝමස් මාර්ක්ල් සහ ඩොරියා රග්ලන්ඞ් තම දියණියගේ ආදර සම්බන්ධතාවය ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුනා.

“අපි මෙගන් සහ හැරී ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ දුව හැම තිස්සේම කරුණාවන්ත හා ආදරණීය කෙනෙක්. ඒ ගුණාංග වලට සමාන හැරී වැනි කෙනකේ අපේ දුවට ලැබීම අපිට ආඩම්බරයක්.‘‘

කෙසේ වෙතත් හෙට (28) ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වල සඳහන් වෙනවා.

එසේම සම්ප්‍රධායෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයකට එම විවාහ උත්සවය පවත්වනු ඇති බවට රාවයක් පැතිර යන බවද සඳහන් වෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button