පළකල දිනය : Wed, Nov 29th, 2017

නූලෙන් මිස් වුණු අලුත්ගම මුදල් මංකොල්ලයේ CCTV දර්ශන මෙන්න

අලුත්ගම නගරයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට තැත්කළ උත්සාහයක් ව්‍යර්ත වී තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (28) පස්වරු 2.50 ට පමණ සම්පුර්ණ මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ පැමිණි දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑමට උත්සාහ කර ඇති බවයි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී ඔවුන්ට මුදල් කොල්ලකෑමට නොහැකි වී ඇති අතර වෙළඳසැලේ බිත්තියකට වෙඩි තබා පළාගොස් තිබෙනවා.
 
මෙම සිද්ධිය පිළිබඳ අලුත්ගම පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button