පළකල දිනය : Thu, Nov 30th, 2017

චීන ජෝඩු 100ක් සමග කොළඹදී ගන්න ලොකු මගුල !

එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත අපූරු විවාහයක් පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ අණාවරණය කළේය.

මෙහිදී ඒ මහතා සඳහන් චීන- ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව කළේ චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.

ඊයේ (29) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංය විසින් සංවිධානය කරනු ලබන මෙම රාජකීය විවාහ මංගල උත්සවය සඳහා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිහ මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

මෙම අතිඋත්කර්ෂවත් රාජකීය විවාහ මංගල උත්සවයේදී චීන ජාතික තරුණ තරුණියන් 200ක් (යුවල 100ක්) ශී‍්‍ර ලාංකික සම්ප‍්‍රදායට අනුව එකම දිනකදී යුගදිවියට පිවිසෙනු ඇත.

මෙසේ එදිනට විවාහ වීම පිණිස මෙරටට පැමිණෙන චීන ජාතික තරුණ තරුණියන් කණ්ඩායම අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙක්ද සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම එම යුවල අතර කෝට්ටේ රජ සමයේදී චීනයට පැහැරගෙන ගිය සිංහල රජෙකුගේ මුණුපුරෙකුද සිටින බව වාර්තාවෙයි.අද වනවිට චීනය තුළ මෙම සිංහල කුමාරයාගෙන් පැවත එන පිරිසක් සිටින බවත් මනාලිය ඔවුන්ගෙන් එක් අයෙක් “බවත් අමාත්‍යවරයා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ චින රජය මෙම රාජකීය විවාහ මංගල උත්සවය සංවිධානය කරනු ලබයි.

  • 716
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button