පළකල දිනය : Fri, Dec 1st, 2017

38 දෙනෙකුගේ දිවි බේරමින් රියදුරු අසුනේම අවසන් හුස්ම හෙලූ රියදුරු මහතා (Photo)

මංගල උත්සවයකට සහභාගී වන පිරිසක් රැගෙන ගිය රියදුරෙක්, රියදුරු අසුනේම මියයාමේ සිදුවීමක් යාපනය – චාවාකච්චෙරි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පසුගිය 29 වනදා මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 69 හැවිරිදි අයෙක්. බස් රථය ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී එම රියදුරාට හදිසි හෘදයාබාධයක් වැළදී ඇති අතර එම අවස්ථාවේ ඔහු බස් රථය මාර්ගයෙන් ඉවත්කොට නවත්වා තිබෙනවා.
 
බස් රථය නවත්වා ටික වේලාවක් ගතවුවත් එය නැවත ධාවනය නොවිම සම්බන්ධයෙන් විමසා බැලීමට බස් රථයේ සිටි අයෙකු ගිය අවස්ථාවේ රියදුරා රියදුරු අසුනේම මියගොස් ඇති බව ඔහුට දැකගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථයේ සිටි පිරිස රියදුරාව චාවාකච්චෙරිය රෝහල වෙත රැගෙන ගියද එම අවස්ථාවේදී ඔහු මියගොස් සිටි බැවින් පරීක්ෂණ කටයුතු සිදුකර සිරුර ඊයේ (30) ඔහුගේ ඥාතීන් වෙත බාරදී තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථය තුල මගීන් 38 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button