පළකල දිනය : Fri, Dec 1st, 2017

ලංකාවේ කොල්ලෙක් හදපු ලෝකප්‍රසිද්ධ සුපිරි Brand එක (Video)

ලංකාවේ කෙනෙක් හදපු බ්‍රෑන්ඩ් එකක්, ලෝකේ වටේ අරන් යන්න බෑ, ඒක හරිම අමාරුයි, කියලා කවුරු හරි හිතනවා නම් ඒකට හොඳ උත්තරයක් දෙන්න කමජ් සිල්වාට හැකි වෙලා තියෙනවා.

ඇත්තටම ඔහු අපිට ආඩම්බරයක් නෙමේ පට්ටම ආඩම්බරයක්.

අපිට ආරංචි වුණ විදියට කමාජ එයාගේ රස්සාව නැති වුණ දවසේ ඉඳන් තමයි මේ වැඩේට අතගහලා තියෙන්නේ. කමජ් ඉන්නේ ලංකාවේ නෙමෙයි කැනඩාවේ.
 
කැනඩාවේ ඉඳන් ඔහු ලෝකේ වටේට සපත්තු, ඇඳුම්, තොප්පි සහ තවත් විවිධ දේවල් ප්‍රවාහනය කරනවා. කෙටියෙන් කිව්වොත් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්.

ලෝකේ කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එහෙමත් නැත්නම් නමක් දිනාගත්ත සමාගම් ඔහු සමඟ වැඩ කරනවා. Sneakertub කියන්නේ ඔහු විසින් සොයා ගත්ත ලෝකය තුල දිනෙන් දින දියුණු වෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් එහෙමත් නැත්නම් කම්පැනියක්. මේ හරහා ඔහු ලංකාවේ නම ලෝක සිතියමේ හැම තැනකම රැගෙන යනවා.

ඔහු නිර්මාණය කළ තවත් සුපිරි කම්පැනියක් තමා The Kit Grid කියන්නේ..

කමජ් මේ මෑතකදී සහභාගී වුණා ලෝකෙම දන්න රූපවාහිනි වැඩසටහනකට ඔහු එම වැඩසටහන ජයග්‍රහණය කරමින් තමන්ගේ ව්‍යාපාර සඳහා ලොකු මුදලක් දිනා ගත්තා. ඇත්තටම අපේ ශ්‍රී ලාංකිකයෙක් මේ වගේ ජයක් ලැබූ පළමු අවස්ථාව නිසා අපිට පට්ට ආඩම්බරයි.

ඉතින් අප සුභපතනවා කමජ්ගේ හැම සිහිනයක්ම දිනන්න ලැබෙන්න කියලා..

මේ තියෙන්නේ කමජ් සහභාගී වුණ එම වැඩසටහන..ඉවර වෙනකන් බලන්න..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button