පළකල දිනය : Sun, Dec 3rd, 2017

හොර මගිඩි මැද ජයටම කෙරෙන රෝහල් උවටැන් සේවයේ වෙනසක් කෙරු බෝසත් මිනිසා

ලෙඩක් දුකක් හැදිලා බේත් ටිකක් ගන්න රෝහලකට ගියාම සමහර වෙලාවට රෝහලේ නවතින්න වෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා.

මේ වගේ වෙලාවට රෝගියාගේ සාත්තුවට කවුරුවරි නවතින්න ඕන වෙලාවලුත් තියෙනවා.

අදකාලෙ මිනිස්සු ගෙවන කාර්‍ය බහුල ජීවිතයත් එක්ක තමන්ගෙ ගෙදර කෙනෙක් රෝහල් ගතකරත් සාත්තුවට නවතින්න ටිකක් මැළි කමක් දක්වනවා.
 
මේ හේතුව නිසාම අදවන විට ලංකාවේ බොහෝ රෝහල් අසල විවිධ සාත්තු සේවා ආයතන බිහි වෙමින් පවතිනවා.

නමුත් පවුලේ කෙනෙක්ගෙන්, ඥාතියෙකුගෙන්,මිතුරෙකුගෙන් වගේ ලැබෙන සාත්තුවක් මේ වගේ ආයතනයකින් ලැබෙනවද කියන එක ගැටළුවක්.

බොහෝ වංඡා,දූෂණ සමඟ ක්‍රියාත්මක වන මෙවැනි ආයතන නිසා රෝගී ජීවිත වලට හානි සිදු වී ඇති අවස්ථාද තිබුනා.

කොහොම වුනත් මෙවැනි සමාජ තත්වයක නොමිලේම රෝහලට පැමිණෙන රෝගීන්ට සාත්තු කරන බෝසත් මිනිසෙකු ගැන අද මුද්‍රිත මාධ්‍ය වාර්ථා කර තිබුනා.

එය පබ්ලෝ ඇඳක් නම් නෙවෙයි. නිකන්ම නිකන් එල්ලෙන වැල් ඇඳක්. උපස්ථාදායික සේවා ලොක්කා තමයි ඒ වැල් ඇඳේ හිමිකරු. ලොක්කාගේ සොක්කෝ වැල් ඇඳට පුද සත්කාර කරන්නේ නිකන් මූනිච්ඡාවට වගේ. ඒ ලොක්කා කොයි ලෝකයකින් කොයි වෙලේ පාත් වෙයිද කියා ඔවුනොවුන් දන්නා නිසා.

බාගදා ලොක්කා විජහට පැමිණියහොත් සිදු කරන්නේ ගණන් බැලීම. ලෙඩ්ඩු කීයද? අපට කීයද? එයයි සූත්‍රය. උපස්ථාදායක සේවා ආයතනයේ අනු ශාඛා හැම රෝහලක්ම ඉදිරිපිට තියෙද්දී ලොක්කා එහෙම ගණන් හිලව් බලන එකේ ඇති වැරැද්දකුත් නැහැ. ගණන් හිලව් බලන විට ලොක්කාගේ පහතට නැමුණු කට දෙකෙළවර මුහුණත පාන්නේ නෝක්කාඩු බවක්.

එක ලෙඩෙක්ගෙන් දෙදහයි. අපිට හත්සිය පනහයි. 1250 ලෙඩා බලාගන්න කෙනාට. ඕ.ටී. විතරයි ඉල්ලන්නේ නැත්තේ. වැඩට එද්දි නහයෙන් අඬනවා හොඳ වෝඩ් එකක ලෙඩෙක්ව ඉල්ලලා. වයසක මීටර්වලට කැමැතිම නැහැ. ලෙඩාගේ ගෙදරින් කෑම බීම තුන් වේලටම ගේනවද අහනවා. ඇඩ්වාන්ස් ඉල්ලනවා. ෆෝන් කාඩ්ද අරවද මේවද ඔක්කොම ඉල්ලනවා. ඉල්ලන්නේ නැත්තේ ඊ.ටී.ෆ්. විතරයි. එහෙම කළා කියමු. ඒත් වැඩේ භාගෙට.

ලෙඩාගේ ඥාතීන්ගෙන් පැමිණිලි කෝටියයි. ලෙඩාට ගේන සුප් එක බීලා, ෆාමසි බෙහෙත්වලිනුත් ගාණක් වමට ගහලා. ඒකෙනුත් තව දෙතුන් සියයක් හදා ගන්නවා. එහෙම ගත්තම ලෙඩා බලාගන්න කෙනා දවසකට 1500ක් හදාගෙන. ඒත් ඉස්සගෙ වගේ ඔළුවෙ තියෙන්නෙ මම ගන්න 750 ගැන. එයා මොන පිස්සුව කෙළියත් හැම කම්ප්ලේන් එකක්ම එන්නේ මට. ඒ උපස්ථාදායක කියලා රස්සාවක් පාරේ නන්නත්තාර වෙවී ඉන්න අයට මම මැදිහත් වෙලා හොයලා දුන්නු නිසා. ඒ අයගේ උපස්ථාදායකයා මම කියලා ලෙඩෙක්ව සෙට් කරලා දුන්නු ගමන් ඒ අයට අමතක වෙනවා. 40 පැන්නම ගාමන්ට් යන්නඩද? ත්‍රීවීල් එකක් හයර් කරන්නද? ගාණක් ෂේප් කරගෙන එක තැනක ඉන්න එකනේ හොඳ.

කලින් කී ලෙස මිනිස්සු හද්දපල් බොරු කියද්දි, බොරු කියන කටට, මුහුණ දක්වන්නේ නෝක්කාඩු බවක්. ඒ බොරුවට සවන් දෙන කෙනාගේ හිත, ඔළුවට දක්වන්නෙත් නෝක්කාඩුවක්ම තමයි. උපස්ථාදායක සේවාව අද දවසේදී අත්පත් කරගෙන තියෙන්නේ සුළු පටු වර්ධනයක් නොවෙයි. රෝගීන්ට උවටැන් කරන්නට, සත්කාර කරන්නට පවතින සමාජ ක්‍රමය ඒ රෝගියාගේ දුවා දරුවන්ටවත් අවස්ථාවක් හිමි කර දී නැහැ.

වෘත්තීයමය උපස්ථාදායකයන් කරළියට පැමිණෙන්නේ එවැනි වටපිටාවකදී ඔවුන්ගේ රාජකාරි ස්වභාවය රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලේ රෝහල් ගාස්තුවට පමණක් සීමා වෙනවා. එවැනි විටකදී උපස්ථාදායකයන් තම රාජකාරිය සඳහා අය කරගනු ලබන මුදල සේවාවේ ස්වභාවය අනුව ඉහළ දමනු ලබනවා. උදාහරණයක් ලෙස රාගම මූලික රෝහලේ භෞතික චිකිත්සක ප්‍රතිකාර වාට්ටුවේ සිටින රෝගියෙක් රැක බලා ගැනීමට සාමාන්‍ය රෝගියෙක් රැකබලා ගන්නවාට වඩා අසීරු නිසා උපස්ථාදායකයන් අය කරගනු ලබන මුදල වඩා ඉහළයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර සේවා සඳහා පමණක් සීමා වූ වාට්ටුවක රෝගීන් රැක බලා ගැනීම සඳහා අය කරන්නේත් ඉහළ බිලක්.

වඩා නිවැරැදි වන්නේ උපස්ථාදායකයන් නොව ඔවුන් සහ රෝගියා අතර අතරමැදියා වන උපස්ථාදායකයන් සපයන ආයතන ඉහළ මිලක් අය කරනවා යැයි පැවැසීම. එක් එක් වාට්ටු වෛද්‍ය අනුපිළිවෙළ සුසැදි නිසා ඒවායේ කාර්ය මණ්ඩලයද වාට්ටුව ගාව වෛද්‍යවරයාගේ රුචි අරුචිකම්වලට අනුකූල වන ලෙසයි සැකසී ඇත්තේ. වෛද්‍යවරයා තම කාර්ය මණ්ඩලය සමඟ ඇති ඇයි හො¼දැයිය පලුදු වෙන තෙක් එම කාර්ය මණ්ඩලය පිළිබඳ තීරණයක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාටත් නොහැකිලූ! ඒ තත්ත්වය මෙම උපස්ථාදායකයන් සපයන ආයතන තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නේ වක්‍ර ආකාරයට.

“වෝඩ් එකේ ඩොක්ට තමයි ස්ටාෆ් එක ගැන තීරණ ගන්නේ. අපේ කම්පැනිය වෝඩ්වල ඉන්න සුළු සේවකයන්ව අල්ලලා තියෙන්නේ. හදිස්සියකට අතමාරුවක්, මාසයකට හමාරකට පස්සේ ගල් භාගයක් වගේ සන්තෝෂම් ඒ අයට අපේ බොසා ගානේ ලැබෙනවා. එතකොට ලෙඩෙක් වෝඩ් එකට ආව ගමන් අර සුළු සේවකයා ලෙඩාගේ ඥාතීන්ට කොක්ක ගහලා කියනවා අහවල් තැනින් ලෙඩා බලා ගන්න කෙනෙක් ගන්න කියලා.

මොකද ඒ අයගේ ජොබ් එකනේ වෙනත් විදියකින් රෝගියා ගාව නතර වෙන කෙනා කරන්නේ. ඒ අයටත් ඒක පහසුවක්. හොස්පිටල්වලට එක එක වෝඩ්වල බහිරවයෝ වගේ ගල්වුණ උපස්ථාදායකයෝ ඉන්නවා. ඒ අයත් වෝඩ් එකේ ස්ටාෆ් තමයි. දැන් අපි හිතමු දුරබැහැර හොස්පිටල් එකකින් ලෙඩෙක් ට්‍රාන්සර් ආවා කියලා. ඒ ලෙඩා බලාගන්න ගමෙන් කෙනෙක් ආවා කියලා. මක් කරලවත් අර මනුස්සයාට ලෙඩා ගාව එක සතියක් එක දිගට ඉන්න දෙන්නේ නැහැ. ඉන්න දෙන්නේ නැත්තේ උපස්ථාදායක ආයතනවලින් ඇවිත් ලෙඩ්ඩු බලාගන්න අය. මොනවා හරි අංචියක් අදිනවා. ඒ වගේම තමයි උපස්ථාදායකයන් සපයන ආයතන – ආයතන අතරත් මාර ෆයිට් එකක් තියෙන්නේ.

ඒ අය පෙළක් හොස්පිටල් තමන්ගේ කියලයි හිතාගෙන ඉන්නේ. වෙන ආයතනයක බ්‍රාන්ච් එකක් හොස්පිටල් එකක් ගාව දාන්න දෙන්නේ නැහැ. දානවා නම් දේශපාලනඥයන්ගේ, පාතාලෙ කාගෙ හරි චණ්ඩියෙක්ගෙ හයිය තියන් තමයි දාන්න වෙන්නෙ. ඒ අය වැඩේ රහ දන්නවා. නිකන් ඉඳලා සල්ලිනේ. මිනිස්සු ලෙඩ වෙන තරමට ඒ අයට හොඳයි. ඒ ලෙඩ්ඩුන්ට කාත් කවුරුවත් නැතිවන තරමට තව හොඳයි. අනෙක මේ උපස්ථාදායකයෝ දන්නේ මොනවද.

තුන් වේලට කන්න දෙන්නයි, බෙහෙත් වරුව වෙලාවට නර්ස්ලට මතක් කරන්න විතරයි ඒ අය දන්නේ. රෝගීන් බලාගන්නවා කියන්නේ ඒකට විතරද? වෙද හෙදකම් කියන්නේ ඒකටද? වෙදකම දන්න කියන අය කරද්දී මෙලෝ දෙයක් දන්නේ නැති අය තමයි මෙතන හෙදකම කරන්නේ. “එලෙස පවසන්නේ සෞඛ්‍ය සේවයට ඇයි හොදැයියක් ඇති පරිපාලන නිලධාරිවරයෙක්.

ඔහුගේ කතාව සැබෑම කතාවක්. නමුත් පටුනක් නොමැති කතාවක්. කතාව පටුනකට ගෙන ඒම සීරු මාරු කටයුත්තක් නොවෙයි. එලෙස කළහොත් නම් පෙළ සිටින්නේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රුපියල් දෙදහේ උපස්ථාදායකයන් සහ පාතාලයන් සමඟ එක පෙළ වාසියේ. එය එසේම නොවේවා:

ආරෝග්‍යයේ දෙවියා ආලෝකයේ හෝ ගින්දරෙහි දරුවෙක් විය යුතු බවයි. හැමවිටකදීම නයිටින්ගේල්, හිපොක්කේ‍රාටීස් මූලාරම්භක ග්‍රීක පුරාණෝක්තිවල සඳහන් වන්නේ ඇප්ක්ලෙසියස්ගේ වෛද්‍ය රැකියාව විස්මයජනක සුවපත් කිරීමක් වූයේ ඇතීනි දෙවිදුව ඔහුට දුන් හොර්ගොත් නම් ඇපරූපී අද්භූත ගැහැනියගේ ලේවලට සහ සර්පයන් විසින් ඔහුට හඳුන්වා දුන් පැළෑටියක කොටස්වලට පින් සිදු වන්නට බවයි. ඒ පුරාණෝක්තිවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒක නම් සැබැයි: සෞඛ්‍ය සෙවයේ අදටත් එවැනි අපරූපීන් සහ සර්පයන් සිටිනවිට බහුතර තත්ත්වය එලෙස යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඒ මුත්; බාගදා එම බහුතරයටම දැනෙන ලෙස ජීවත් වන සුවපත් මනුස්ස ආත්මද නොමැති නොවේ. අගනුවරට තදාසන්න උප නගරයක රෝහල් වාට්ටුවක් තුළදී එවැන්නෙක් මුලිච්චි වීමේ භාග්‍යය මා ලදත් එය මෙලෙස වාර්තා කරන්නට වීම පිළිබඳ ඇත්තේ කරුණා භරිත වේදනාවකි. ලිවීම නිසි පරිදි සිදුකළහොත් ඉන් මත්තට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳවයි එම කරුණාභරිත වේදනාව.

එම රෝහල් වාට්ටු තුරුණු උයනකි. උයනේ සක්මන් කළයුතු, විටෙකදී පියඹා යායුතු තරුණයන් සිටින්නේ එයම නොකරමින් වීම මෙහි විශේෂත්වයකි. හදිසි අනතුරු අණ්ඩ දැමිය යුතු තැනට ඔවුන්ව පත්කර හමාරය. මෙම වාට්ටුවේ මුදලට රෝගීන්ට ඇප උපස්ථාන කරන උපස්ථාදායක සේවකයන්ට පැවැත්මක් නැත.

වාට්ටු හතර කොන ඔවුන්ට තහනම් කලාපයකි. ඒ ඔහු නිසාය. ඔහු යක්ෂ ආත්මයකි. ඔහු කිසිවිටකදී තම සේවය නොමිලේ ලබා දීම සඳහා නොපැකිළෙයි. පැසුණු කොණ්ඩයක් ඇතත් ශක්තිමත් දේහයකට උරුමකම් කියන ඔහුට හදිසි අනතුරු නිසා වාට්ටුවට පැමිණෙන රෝගීන් තම පුතුන් වැන්න. විටක් හප හපා ඒ දුවා දරුවන්ගේ කැත කුණු පවා අතගාන්නට ඔහු දක්වන්නේ ඉස්තරම් බුහුටි බවකි.

පාන්දර 4ට රෝගීන් නිදි ඇඳෙන් කූද්දාගන්නා මොහු ඔවුන්ගේ දත් කට මැද මුව සෝදා ගන්නට උදව් පදවු කරන්නේ කම්මැළි කාරයන්ට සොඳුරු ආඥා නිකුත් කරන්නේ රෝගීන් කුඩා උන් ලෙස සලකාය. උණු වතුර, උණු වතුර වුවමනා අයටද, සීතල වතුර වුවමනා අයට ඇල් මැරුණු වතුරද ලබා දෙන තරමට ඔහු රෝගීන් පිළිබඳ සැලකිලිමත්ය. රෝගීන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන් උදෑසන 6 පමණ වන විටදී රෝහලට පැමිණෙන විට රෝගීන් සිටින්නේ පිරුණු හදකින් ඔවුන් පිළිගැනීමට බලාගෙනය. ඒ ඔහු නිසාය.

ශරීරයෙන් රෝගී වූ පිරිස් මානසික රෝගීන් වීමට ඉඩ නොදෙන ඔහු උදෑසන පුවත්පත් සියල්ල පාහේ වාට්ටුව වෙත රැගෙන එන්නේත් රෝගීන් බැලීමට පැමිණි පිරිස් වාට්ටුවෙන් පිටව ගිය පසු සුවපත් වූ රෝගීන් අතහැර දමා ගිය නවකතා සහ පරිවර්තන කෘතීන් කීපයකින් සුසැදි ඔහුගේ පෞද්ගලික පුස්තකාලයෙන් තෝරා බේරා ගන්නා පොත්, එය ලබා දියයුතු රෝගියා වෙත ලැබෙන්නේත් දහවල් කාලය ඉබාගාතයේ කූඹීන්ට කන්නට රෝගීන් භාරකර ඇති විටකදී. උදෑසන රෝගීන් පරීක්ෂාව අවසන් වූ පසු ඔවුන් නෑවීම, කැවීම, පෙවීම ඔහු විසින් සිදු කරන්නේ රෝගීන්ගේ තරාතිරම නිශ්චය නොකොට.

“මේ හොස්පිටල් එකේ 2× වාට්ටුව සි×× මාමා කියන්නේ රත්තරන් මනුස්සයෙක්. මම අනුරාධපුරේ කෙනෙක්. කොළඹ පෞද්ගලික සමාගමක රැකියාව කරන අතරතුරදී හදිසි අනතුරකට මුහුණ දුන්නා. මගේ ඥාතීන් මාව බලන්න එන්නේ සතියකට සැරයක් වගේ. මේ මාමා තමයි මාව බලාකියා ගන්නේ. කිසිම උදව්වක් කරන්න පැකිළෙන්නේ නැහැ. කොච්චර උදවු කළත් එයාට මහන්සියකුත් නැහැ. උදේ පාන්දර 4ට අපිව අවදි කරනවා. මූණ හෝදන්න ලෑස්ති කරනවා. අත, පය කඩාගෙන තුවාල කරගෙන ඉන්න අපේ අයව වැසිකිළියට පවා එක්ක ගෙන යන්නේ ඒ මාමා.

මේ වෝඩ් එකේ වැසිකිළිය වුණත් හරිම පිරිසිදුයි. රෝගීන් බලන්න ඥාතීන් ආවට පස්සේ ඒ මාමා ටවුන් එකට යනවා. අපිට වුවමනා දේවල් ගේන්න අතට සල්ලි දුන්නම ඉතිරි ගාණ නොවදරවාම එයා අපට ගෙනත් දෙනවා. අනෙක් කතන්දරේ තමයි මේ මාමාට පුළුවන් එයාගෙ විශ්වාසය මත එළියෙ ෆාමසිවලින් රුපියල් 5000ක් 6000ක් වෙනකන් බෙහෙත් ජාති ගන්න. හදිසියේ මෙතෙන්ට ගේන අතේ සතේ නැති ලෙඩ්ඩුන්ට ඒ වගේ උදව්වක් කියන්නේ හිතාගන්න බැරි දෙයක්. එයා අපිව නාවන්නේ තාත්තා කෙනෙක් පොඩි දරුවෙක්ව නාවනවා වගේ. බෙහෙත් නොදාන දවස්වලට තුවාල බැන්ඩේජ් පොලිතින්වලින් සීල් කරලත් අපිව නාවනවා.

මෙතැන ඉන්න බහුතරය අවුරුදු 20, 30 කොල්ලෝ. ගොඩක් අය මෙතෙන්ට ඇවිත් තියෙන්නේ බයික් ඇක්සිඩන්ට් නිසා. කකුල් දෙකම කැඩුණු අය, අත් කැඩුණු අය, කොඳු කැඩුණු අය තමයි වැඩිපුර එන්නේ. මාමා ඒ හැමෝටම හොඳට සලකනවා. හැමෝම කන්න ඕන කෑම ජාති බෙදාගෙන හදාගෙන. ඒක මාමාගේ නීතියක්. ඒ අතින් ගත්තම මාමා මාරම සමාජවාදියා. මෙතන අනික් ලෙඩ්ඩු බලා කියා ගන්න එන අයව දවසින් දෙකින් සමාජවාදියො කරන්න මාමා දක්ෂයා.

මාමාගෙ ඉතිහාසය ගැන නම් අපි දන්නේ නැහැ. ගම පිළියන්දළ පැත්තෙලු. ඉස්පිරිතාලෙට වෙලා මෙහෙම මිනිස්සුන්ට උදවු කරන්න අරගෙන දැනට අවුරුදු 40ක් විතරලු. ඒකෙනුත් අවුරුදු 15ක් එක දිගට මේ වාට්ටුවෙ.

රෝගීන් මැද නිරෝගී වන්නට දිරි දුන්නේ එලෙස දිරි දෙන්නෙක් ඔහු ගැන එලෙස පවසා සිටිනවා. නමුත් ඔහු, ඔහු ගැන කිසිවක් පවසන්නේ නැහැ. ඒ සඳහා මැළි වන්න හේතු කාරණාව පුදුම උපදවනසුලු දෙයකුත් නොවෙයි. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේ තවත් තරුණ රෝගියෙක්.

මාමා මෙතන අවුරුදු 40ක් තිස්සේ මිනිස්සුන්ට උදවු කළා. ඒක මිනිස්සු, විශේෂයෙන් රෝහල් පාලනාධිකාරිය කොහොමද දකින්නේ කියන එක ගැන ගැටලුවක් තියෙනවා. එයා කරන්නේ ස්වේච්ඡා සේවයක්. ඒත් ඒ ස්වේච්ඡා සේවය නීතිය ඉදිරියේ වලංගු නැහැ. ඒ හින්දා වෙන්ඩ ඇති මාමා කතා කරන්න බය. මෙතන ඉන්න වෛද්‍යවරයාගේ ඉඳලා සුළු සේවකයා දක්වා නිලධාරීන්ට මාමා කරන්නේ ඇත්තටම උදදව්වක්. ඒක තමයි ඇත්ත.

ඔහු එවැන්නෙකි. ඔහුට ඇත්තේ ප්‍රමුදිත හදවතකි. ඔහු විටකදී කිසිදු බාහිර බලවේගයකට අඩපණ කර දමන්නට බැරි කුලුණු බර කුලුනකි.

සැබවින්ම මෙවැනි උතුම් පරමාදර්ශයකින් කාලය සහ අවකාශය සමඟ සම්බන්ධ කළ යුතු නොවේ. මනුෂ්‍යත්වය මත මනුෂ්‍යත්වය තැන්පත් වන්නේ එවිටය. රෝගී උවටැන යන පරමාදර්ශය මුල්කරගත් මේ අහිංසක මනුස්සයාව නිසැකවම කවර තත්ත්වයක් යටතේ වුවද තමන්ගේ විශිෂ්ටත්වය පවත්වාගෙන යා හැකිය යන්න මගේ අදහසයි.

– ප්‍රභාත් අත්තනායක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button