පළකල දිනය : Fri, Dec 8th, 2017

කෝලි – අනුෂ්කා ඉතාලියේදී යුග දිවියට ?

ඉන්දියාවේ ජනප්‍රිය තරු යුවළක් වන විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා ස්විට්සර්ලන්තය බලා පිටත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනාගේ විවාහය මේ මාසයේදී සිදුවන බව පසුගිය කාලය පුරාම විවිධ වාර්තා ඔස්සේ තොරතුරු අණාවරණය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරඟාවලියේදී තමාට විවේකයක් අවශ්‍ය බව කියමින් නිවාඩු ලබාගැනීමද කෝලිගේ විවාහය පිළිබඳ බොහෝ දෙනා තුළ වූ සැකය වඩාත් තහවුරු විය.

කෙසේ වෙතත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔවුන් දෙදෙනා මෙම සති අන්තයේ ඉතාලියේදී විවාහ වීමට නියමිතය.
 
ඉකුත්දා රාත්‍රි 11.30ට පමණ කෝලි, දිල්ලි ගුවන්තොටුපළට පැමිණ ඇති බවත්,කිසිවෙකුට හඳුනාගැනීමට අපහසු වන අයුරින් මුහුණ ආවරණ වන සේ ඇඳුම් හැඳ සිටි බවත් ඉන්දියා ටුඩේ වෙබ් අඩිවිය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් විරාත් කෝලි මෙන්ම අනුෂ්කා ෂර්මාද විවාහය පිළිබඳ වූ මාධ්‍ය වාර්තාවන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ අතර , ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකොට නොමැත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button