පළකල දිනය : Fri, Dec 15th, 2017

සුනලිට නඩුවක් දානවා.. කියන තරමක් කියලා තිබුනේ බොරු !

රොෂාන් පිලපිටිය කියන්නේ කලාවට සම්බන්ධ වූ දා සිටම ප්‍රේක්ෂක හදවතේ රැදුණු රංගන ශිල්පියෙක්.

පුංචි තිරය සිනමාව වගේම වේදිකා නාට්‍ය වල රංගන හැකියාව දක්වන ඔහුගේ ජිවිතේ අලුත් පිටුවක් පෙරළුනා.

ඒ ඔහු ආදරය කළ පෙම්වතිය සමග විවාහ ගිවිස ගනිමින්.

ඒ සමගම ඔහු ගැන විවිධ චෝදනා එල්ල වෙනවා ඒ ගැන හිටි ගොසිප් අපි රොෂාන්ගෙන් ඈහුවා ඒයා දුන්නේ මේ වගෙ උත්තරයක්..

”මම විවාහ වෙනකල් ඉඳලා මට සහ මගේ බිරියට මඩ ගැසීමේ අරමුණින් තමයි මං රැවට්ටුවා කියල මේ කතාවක් පතුරල තියෙන්නෙ.

මං කිසි කෙනෙකුට ඔය කියන විදිහට විවාහ පොරොන්දු දුන්නෙ නෑ. මං ඒ විදිහට සල්ලි උදුරගෙනත් නෑ.

එහෙම දේවල් කරා නම් මඩ ගහන් නැතිව නීතිය හමුවට යන්න කියල මං ඉල්ලනවා. මං වැරදි දෙයක් කළා නං මේ වෙනකං නිහඩව හිටියෙ ඇයි..? විවාහ වුනාම විතරක් මාධ්‍යයට ඔය විදිහට අදහස් දක්වන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නේ.

මගේ බිරිය වෙනත් විවාහයක් කරගෙන කියලත් බොරු ගොතලා. එහෙම දෙයක් වුණත් මට ප්‍රශ්නයක් නැතිනම් එයාට මොකද..? මං කාටවත් මඩ ගහන්න කැමති නෑ..

ඒ නිසා මේ ගැන ඔයිට වැඩිය කථාකරන්නෙ නෑ. මට වුණ අපහාසයට අවශ්‍ය දේ මගේ නීතීඥයින් ඉදිරියේදී කරාවි.”

මේ පිලිබදව තවත් බොහො තොරතුරු අපට ලෑබුනත් අප වර්තා කරන අරමුනින් ඒහාට යාමට අකමැති නිසා.. එම පුවත් පළ නොකරමි.

රොශන්ගෙ බිරිද දුරකථනයේන් අපගෙන් කළ ඉල්ලීමක් ඉටුකිරිමට හා.. කලින් පුවත්වලින් රොශාන්ට යම් අපහසුවක් වුවා නම් ඔහුගෙ හඩට ඉඩක් ලබාදීය යුතු නිසා මේ පුවත පළ කරමි.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button