පළකල දිනය : Sat, Dec 16th, 2017

Highway එකේ දඩ දෙන්න හයි කරපු අළුත්ම Camera System එක (Photos)

අවරුදු ගානක් කොට කොට කැඩුන පාරවල් වලින් ගාල්ල, මාතර, කටුනායක ගිය අපිට Highway හදුනා.

දැන් ඉතින් යන්නේ කටු කඩාගෙන. මේ Speed එක නිසා පහුගිය කාලේ ගොඩක් රිය අනතුරු සිදුවුණා.

පොලිසියට තිබුන ලොකුම ප්‍රශ්නේ කොහොමද පැය 24ම High Speed අල්ලන්නේ කියලා.

එහෙම වුනොත් පැය 24ම පොලිස් නිලධාරීන් සේවයේ යොදවන්න වෙනවා.

හැබැයි ගිය අගෝස්තුවේ මේකට විසඳුමක් විදිහට පොලිසියේ මහත්වරුන්ගේ ක්‍රියාකාරීත්වය නැතුවම පැය 24ම High Speed අල්ලන පිටරට තියෙනවා වගේම Camera System එකක් ලංකාවට ගෙනාවා.

මේ කැමරා පද්දතිය ක්‍රියාකරුවන් නැතිව ක්‍රියාත්මක වන නවතම පද්දතියක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ රාත්‍රියේදී Night Vision තාක්ෂණයෙන් සමන්විත කැමරා පද්දතියක් වීමයි.

අගෝස්තුවේ සවිකරන ලද කැමරා පද්දතිය මේ වන විට Beta Testing (බීටා පරික්ෂාව) අවසන්ව තිබෙනවා.

අපට දැනගැනීමට ලැබුනේ මේ නවතම කැමරා පද්දතිය මගින් ගන්නා චායාරූප වලින් අදාළ වහනයේ රියැදුරුට නඩු පැවරීමට අදාලව නීතිමය රාමුව සකස් කරමින් සිටිනබවයි.

දැන් හැමෝම බය වුනා නේද? පසුගිය මාස තුනේම දාපු සෙල්ලම් පොලිසිය හොඳට බලාගෙනහිටියා.

අඩුපාඩුවක් නොවෙන්න තමයි මේ විදිහට පොලිසිය මේ පද්දතිය පරික්ෂාවට ලක් කලේ. පොලිසිය නැතත් Exit එකේදී නඩු කොලේ අතට හම්බවෙන කාලය වැඩි දුරක නෙවෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button