පළකල දිනය : Sun, Dec 17th, 2017

සාධාරණය එල්.ටී.ටී.ඊ අයට විතරද, හමුදාවේ අයට සාධාරණය නැත්ද?

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පී දසනායක, සහ හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියෙකු වන කපිතාන් සුමිත් රණසිංහ ඇතුලු පිරිසක් සිර භාරයේය.

මේ අතර අතුරුදහන්වූවන් පිළිබදව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබදව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පිරිසක් පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් හමුවී සිය පියා අත්අඩංගුවට පිළිබදව පැමිණිලි කිරීමට උත්සාහ කළ කොමදෝරු දසනායකගේ දියණියට සහ කපිතාන් සුමිත් රණසිංහගේ දියණියට ඒ සදහා අවස්තාව හිමි නොවු පුවතක් වාර්තා වුණා.

ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමට නෙත් ගොසිප් අප කොමදෝරු ඩි.කේ.පී දසනායකගේ බිරිඳ සම්බන්ධ කර ගත්තා, මේ ඇය අප හා කියූ කතාවයි

” මමත් මාගේ දියණියත් , කපිතාන් සුමිත් රණසිංහගෙ ඥාතීන් කිහිප දෙනෙකුත් අපිට සිදුවූ අසාධාරණය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් දැනුවත් කරන්න ලිපියක් භාර දීමටයි උත්සාහ කළේ , එහිදි එම සම්මන්ත්‍රණයේ පරිපාලනයට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණියක් පැමිණ එම ලිපිය ඉල්ලුවා ,

ඇය කිව්වේ ඇය එම ලිපි යූ.එන් එකේ අයට භාර දෙන්නම් කියළා , නමුත් ඒ ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කළා , අපිට අවශ්‍ය වුනේ අපිම මේ ලිපි භාර දෙන්න.

නමුත් ඉන්පසුව අපෙන් එම ලිපි ඉල්ලපු තරුණිය අපිට කිව්වා ‘ දහස් ගානක් l.t.t.e අය අතුරුදහන් වෙලා ඉන්නවා , ඔයාලට විශේෂයක් ඇයි ඔයාලා ආමි එකෙන් නිසාද’ කියලා.

” ඊට පස්සේ ආපු තව මහත්මයෙක් අපිට එළියට යන්න කිව්වා, හේතුව අපි වාඩි වෙලා ඉදපු නිසා එතන පුටු මදි නිසා කියලා, ඊට පස්සෙ අපි එළියට ආවා , අපි එළියට ඇවිත් යූ.එන් එකේ අය එනකම්ම එළියට වෙලා හිටියා, නමුත් ඔවුන් පස්සෙ දොරෙන් ඇතුලට ගිහින් , අපිට පැමිණිල්ල භාර දෙන්න වුනේ නෑ”

” මගේ මහත්තයා අත්අඩංගුවට ගන්නේ ජුලී 12, ඊට දවස් කිහිපයකට පස්සෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළ නිළධාරියෙක් අත්අඩංගුවට ගැනීම ගැන ඔහුට සතුටුයි කියළා.

මම අහන්නෙ ඇයි මෙහෙම හොයන්නෙ බලන්නෙ නැතුව කතා කරන්නේ, මේ කතා වලින් කඩවෙන අපේ මානව හිමිකම් ගැන කතා කරන්නෙ කවුද ?

සාධාරණය ඉටු වෙන්න ඕන l.t.t.e අයට විතරද , ත්‍රිවිධ හමුදාවෙ අයටත් සාධාරණය කරලා දෙන්න’ ලෙස ඇය අවසන් වශයෙන් කියා සිටියා.

මුලාශ්‍රය – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button