පළකල දිනය : Mon, Dec 18th, 2017

යූටියුබ් නිසා මිලියනපතියෙක්වූ 6 හැවිරිදි දරුවා ! (Photos)

අවුරුදු 6ක කුඩා දරුවෙක් සෙල්ලම් බඩු සමග කාලය ගතකරනවා විනා වෙන කරන්නේ නැහැ.

6 හැවිරිදි රයනුත් එවැනිම කෙනෙක්. නමුත් වෙනසකට තිබෙන්නේ ඔහු එමගින් වසරකට ඩොලර් මිලියන ගණනක් උපයනවා.

යූටියුබ් වෙබ් අඩවිය මගින් වැඩිම මුදල් උපයන තරු අතරට ෆෝබීස් සගරාව විසින් රයන් ගේ නමත් එකතු කර තිබෙනවා.

Ryan ToysReview චැනල් එක ආරම්භ කලේ 2015 වර්ෂයේදීයි. එදා සිට අද දක්වා ලොව පුරා සිටින දෙමව්පියන් සහ කුඩා දරුවන් මිලියන ගණනක් එම යූටියුබ් චැනල් එක නරඹා තිබෙනවා. චැනල් එක පටන් ගන්නකොට රයන්ට වයස අවුරුදු 4ක් විතර ඇති.

යූටියුබ් එකේ සෙල්ලම් බඩු විස්තර කරන චැනල් නැරබීමට ඔහු ඉතාමත්ම ප්‍රිය කළා. මටත් එවැනි චැනල් එකක් පටන් ගන්න බැරිද කියල ඔහු දෙමව්පියන්ගෙන් විමසා තිබුනා.

එහි ප්‍රතිපලයක් ලෙස තමයි ඔහු යූටියුබ් ක්ෂේත්‍රයට පිවිස මිලියන පතියෙක් බවට පත්වුණේ.

2015 ජුලි මස ඉදිරිපත් කරපු මෙම වීඩියෝ එක නිසා ඔහු ඉතාමත්ම ප්‍රසිද්ධියට පත්වුනා.

අද ඔහුගේ චැනල් එක සතුව මිලියන 10ක් වැනි සබ්ස්ක්‍රයිබර්ස් පිරිසක් සිටිනවා. සෙල්ලම් බඩු විස්තර කරනවාට අමතරව ඔහු ළදරු ආහාර සම්බන්ධයෙන් ඔහුග් අදහස් දැක්වීමටද කටයුතු කරනවා.

ඔහු මේ සියල්ල සිදුකරන්නේ දෙමව්පියන්ගේ අනුදැනුම සහ ආරකෂා යටතේයි. වාර්තා වෙන විදියට රයන් ගේ මෙම චැනල් එක හා වැඩිපුරම සම්බන්ධ වී සිටින්නේ ඔහු වැනිම කුඩා දරුවන් පිරිසක්.

රයන්ගේ එම චැනල් එක තුල ඔහු සෙල්ලම් බඩු සමග විනෝද වෙන හැටි, අලුත් ආහාරවල රසබලන හැටි, සෙල්ලම් බඩු මිලදී ගන්නට ෂොපින් යන හැටි සහ කුඩා දරුවන් සඳහා වෙන්වූ විනෝදාත්මක ස්ථානවලට යන හැටි දැකගන්නට පුළුවන්.

කැමරාව ඉදිරියේ රයන් රගදක්වන අතරතුර දෙමව්පියන්ගේ හඬ පසුබිමෙන් ශ්‍රවනය වෙනවා. ඇතැම් අවස්තාවන් වලදී ඔහුගේ මව කැමරාව ඉදිරියේ පෙනී සිටින අවස්ථාවන්ද තිබෙනවා.

වර්ජ් වාර්තාවන්ට අනුව මෙම චැනල් එක මගින් ඔහු මසකට ඩොලර් මිලියන එකක මුදලක් උපයනවා. රුපියල් වලින් නම් මිලියන 153ක් වැනි මුදලක්.

වයස අවුරුදු 6ක් පමණ වෙන කුඩා දරුවෙකුට මෙතරම් දෙයක් සිදුකරන්නට පුළුවන් නම්. ඇයි අපිට යූටියුබ් එක තුල අලුත් දෙයක් සිදුකරලා මුදලක් උපයාගන්නට බැරි. මෙය අපි අපෙන්ම විමසිය යුතු ප්‍රශ්නයක්.

මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරේ ඔබට යම් අභිප්‍රේරණයන් ලබාදීමටයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button