පළකල දිනය : Wed, Dec 20th, 2017

දමිල මවක් දේහයට මල් පුදා වැඳ නමස්කාර කෙරූ මියගිය සොල්දාදුවාගේ කතාව

ඉර උදාවීමට අඩ හොරාවක් තිබියදී පා පැදිය අතට ගත්, ලා/කෝප්‍රල් ජගත් කුමාර සුපුරුදු පරිදි මුලින්ම ගියේ කදවුර අසල ඇති බෝධිය ලඟටයි.

එහි තිබූ පරව ගිය මල් සියල්ල ඉවත් කර පූජාසනය පිස දා බෝධිය වැද දෙදන නමා නමස්කාර කල ඔහු සිය සෙබළ සගයා සමග මුලතිව් පුදුකුඩිඉරිප්පු යුද හමුදා කදවුරෙන් පිටව ගියේ උදෑසන නිරීක්ෂණ චාරිකාව සදහා හමුවන සියළු දෙනාගේ ආචාර්යවලටද අත වනාගෙන හිසනවා පිළිගනිමින්.

වරෙක සිංහල බසින්ද තවත් වරෙක දෙමළ බසින්ද දොඩමළු වෙමින් ඔහු මේ යන්නේ අවසන් ගමන බවනම් කිසිවෙකුටත් නොසිතෙන්නට ඇති.

එහෙත් සිදූ වී ඇත්තේ නොසිතූ දෙයක්මයි. එනම් ඔහු ගමන්ගත් පා පැදිය අනතුරකට පත්වී පසුගිය (8) වැනිදා මුලතිව් රෝහලේදී අවසන් සුසුම් හෙළවේ මුළු පුදුකුඩිඉරිප්පු ගම්මානයම හඩවමින්.

ඔහු (37) හැවිරිදි රාජකරුණා මුදියන්සේලාගේ ජගත් කුමාරයි. නාවලපිටිය හපුගස්තලාව ගම්මානයේ අහස්වැව ග්‍රාමසේවා වසමේ පදිංචි දෙදෙරු පියෙකි.

පුදුකුඩුඉරිප්පු ගම්මානයේ හැම නිවසක්ම ඔහුට තම නිවස සේ විය. ඒ නිසාම ජගත්ට තේ කෝපපයකින් සංග්‍රහ කල නිවසක් එම ගම්මානයේ නොවීය.

එමෙන්ම ඔහු පුදුකුඩුඉරිප්පු ගම්මානයේ දරුවන්ට සිංහල උගන්වන ගුරුවරයෙක්ද විය.

තල් කොටයක් උඩ වාඩිවෙන ඔහු මාහාචාර්ය වරයෙක් යැයි දරුවන්ට සිතෙන්නට ඇත. ඒ නිසා ඔහු අනතුරකට පත් වූවා යැයි දැනගත්ත මොහොතේ සිට ඇතැම් දරුවන් ඔහුගේ ගුණ ගයමින් හඩා වැටෙන්නට විය.

එය එසේ වන්නට ඇතැයි සිතෙන්නේ ඔහුගේ මළ සිරුර අසළ හඩා වැටුනු දමිළ පුරවැසියන් දැක්කාමයි. ඔහු දකුණට පැමිණි යුද සෙබලෙකු වන සිය සහෘදරයාගේ දෙදන ලග හඩා වැටුන අයෙකි.

රණ ගී වෙනුවට තමිල්නාඩුවේ පන්ජාබයේ දමිළ ගීත ගැයුවේය. එම නිසා උතුරේ ජනතාව ජගත්ගේ මළගෙදරට බස් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ මේ සෙබලාගේ නිසල දේශයට අවසන් ගෞරවය දැක්වූහ. පැමිණි සිටි පිරිස අතර පුදුකුඩුඉරිප්පුවේ පාදයක් අහිමි පුද්ගලයෙක් ද විය.

මේ අතර හිටිය එක් දමිළ මවක් මල් වටිටියක් ගෙනල්ලා මෙම සෙබලාගේ මිණිපෙට්ටිය උඩින් තියලා අත්දෙක අහසට දිගු කර ඔහුගේ ගුණ වර්ණා කරමින් යළිත් අප අතරම ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරමින් හඩා වැලපුණේය.

ඒ දමිළ අම්මා මේ මල් ගෙනල්ලා තියෙන්නේ ජගත් කුමාර කදවුරේ තියන බෝධියට හැමදාම හවසට මල් පූජා කරන්න කඩන මල් ගහෙනුයි.

මතුයළිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා… සොයුර නුඹට නිවන් සුව ලැබේවා!

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button