පළකල දිනය : Thu, Dec 21st, 2017

නාම යෝජනා දෙන්න නම් මට හෙළුවෙන් ඉන්න කිවුවා (Video)

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංතා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවාදානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.

ඊට විරෝදය පල කරමින් ඇය ඊයේ දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.

තමන් මෙවර මැතිවණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.

මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි, තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.

ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහන් දමා ඇත.

  • 2.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button