පළකල දිනය : Fri, Dec 22nd, 2017

කිසි දිනක මේ දේවල් හවුලේ භාවිතා කරන්න එපා !

දත් බුරුසුව හා පනාව හවුලේ භාවිතය නුසුදුසු බව ඕනෑම අයෙකු දන්නා කරුණක්. ඒවගේම මේ දේවල්ද කිසිදිනක හවුලේ භාවිත නොකළ යුතු බව ඔබ දැන සිටියාද?

තොල් ආලේපන වර්ග.

ඔබ මිතුරියන් සමග හවුලේ තොල් ආලේපන භාවිත කරනවා නම් වහාම එය නතර කළ යුතුයි.

හවුලේ භාවිත කරන තොල් ආලේපන නිසා ඇතැම් විට හර්පීස් වැනි භයානක රෝග පවා සම්ප්‍රේෂණය විය හැකි බව ඔබ දැන සිටියාද? එමෙන්ම දද කුෂ්ට වැනි වෙනත් ආසාදනද ඒ හරහා හුවමාරු විය හැකියි.

හෙඩ්ෆෝන්ස්.

ඔබ එතරම් තැකීමක් නොකළත් හෙඩ්ෆෝනයද රෝග වාහකයෙක් විය හැකියි. විවිධාකාර බැක්ටීරියා වර්ග එහි අන්තර්ගත වීමට ඉඩ තිබෙනවා. එම නිසා ඔබ භාවිත කරන හෙඩ්ෆෝනයද සතියකට වරක්වත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිරිසිදු කිරීම යහපත්.

 

කොණ්ඩ කටු.

කොණ්ඩ කටු හුවමාරුව කාන්තාවන් සුලබව කරන දෙයක්. නමුත් ඒ හරහා උකුණන්, ඉස්සොරි වැනි ආසාදන හා වෙනත් දිලීර ආසාදන තවත් අයෙකුගෙන් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

ඩියෝඩ්‍රන්ට්.

දහදිය දුගඳ වළක්වන ඩියෝඩ්‍රන්ට් වල බැක්ටීරියා නාශක අඩංගු වන නමුත් එය සෘජුව සම හා ගැටෙන නිසා ඇතැම් විට එහි මතුපිට විවිධ රෝගකාරක විෂබීජ රැඳෙන්නට ඉඩ තිබෙනවා. එම නිසා ඩියෝඩ්‍රන්ට් හවුලේ භාවිතය එතරම් යහපත් නැති බව කිව යුතුමයි.

තුවාය.

ඔබේ තුවාය නිසැකවම ඔබේ පෞද්ගලික වස්තුවක් විය යුතුයි. එහි රැඳෙන තෙතමනය බැක්ටීරියා හා දිලීර වලට හොඳ නිවහනක් සපයනවා. එම නිසා එය නිරන්තරයෙන් පිරිසිදුව හා වියළිව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

නිය ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය උපකරණ.

ඔබේ ට්වීසර්, රේසර්, නිය කපනය ආදිය ඔබ පමණක් තනිව භාවිත කරන ඒවා විය යුතුයි. ඇතැම් විට ඒවායේ ඇසට නොපෙනෙන සියුම් ලේ බිඳු අන්තර්ගත විය හැකියි. ඉතින් හවුලේ භාවිත කරන ඒවා රෝගවාහක වන බව පැහැදිලියි නේද?

සම ආරක්ෂණ උපකරණ.

ස්පොන්ජ්, බ්‍රෂ් වර්ග ආදිය හවුලේ භාවිත කිරීම සුදුසු නෑ. මන්ද යත් ඒවා මගින් බැක්ටීරියා සම්ප්‍රේෂණය සුලබව සිදුවිය හැකි නිසා.

නිවස ඇතුළත පළඳින සෙරෙප්පු සපත්තු ආදිය.

සපත්තු සෙරෙප්පු පළඳින විට ඒවා නිරන්තරයෙන් දහදියෙන් පෙඟී තිබීම සාමාන්‍ය කාරණයක්. මෙය බැක්ටීරියා හා දිලීර වර්ධනයට පහසු මාධ්‍යයක් බැවින් ඒ හරහා පහසුවෙන් ආසාදනයන් ඇතිවිය හැකියි.

හැමෝටම කියවන්න ලිපිය ෂෙයාර් කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button