පළකල දිනය : Mon, Dec 25th, 2017

ඔබේ නියපොතු මගින් කියවෙන ශරීරයේ බරපතළ රෝග තත්ව දැනගන්න

ඔබේ නියපොතු සහ ඔබේ සෞඛය ගැටලු අතර ඉතා විශාල සම්බන්ධතාවක් තිබේ.

එනිසා  බොහොමයක් රෝග පිළිබඳව ඔබට අනතුරු ඇඟවීමි  ඔබේ නියපොතු මගින් ලබාදේ.

ඔබේ නියපොතු දෙස හොඳින් බලන්න. නියපොතු වල  විවිධ ප්‍රදේශ‍ දෙස ඔබේ අවධානය යොමු කරන්න.

ඒවායේ මහත  සහ සිහින් කොටස් ලෙස තිබේද බලන්න. ඒවා  කැඩී තිබේ දැයි බලන්න.

නියපොතු පාට, සමේ සහ එහි අවට පෙනුම දෙස බලන්න. නියපොතු මගින්  ඔබේ සෞඛ්‍ය  තත්ත්වය ගැන සාමානය අදහසක් ඔබට  ලබා දෙයි.

නියපොතු වල අනතුරු ඇඟවීම් ලක්ශණ

1. ඉතා ඝන  නියපොතු

සාමාන්‍යයෙන්  ඉතා ඝන නියපොතු  තිබීම සාමාන්‍ය දෙයක් වුවත් එය ඉතාමත් තද ස්වභාවයකින් යුක්තයි නම් ඔබ මදක් ඒ පිළිබදව සැළකිළිමත් විය යුතුයි.

තද නියපොතු පෙනහළු රෝගයක  ලක්ශණයක් විය හැකිය. රළු-ඇලවූ නිය දිලීර  ආසාදනයක  ලක්ශණයක්  විය හැකිය. එලෙසම ඉතා තද නිය සෝරෛයසිස් නම් චර්මරෝගයේ (psoriasis) සහ තයිරොයිඩ් ග්‍රන්තියේ  රෝගයක පෙරනිමිත්තක් විය හැකිය.

ඝන නියපොතු රුදිර සංසරණය  දුර්වල විම පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥාවකි. ආසාත්මිකතා වලට භාවිතා කරන  බෙහෙත් ද ඝන  නියපොතු වලට හේතු විය හැක.

2. දුර්වර්ණ වූ නියපොතු

නිරෝගී නියපොතු ලා රෝස පැහැයක් ගනී. එය හරියට සුදු සදුන් වල තියෙන පැහැයට සමාන වර්ණයකි. ඔබේ නියපොතු  වල වෙනත් වර්ණයක් තිබේ නම් එය යම්   රෝගයක ලක්ශණයක් වීමට  පුළුවන්. හෘදයේ නාල වල යම් කිසි ගැටලුවක් ඇත්නම් නියපොතු රතු පාට හුරු පැහැයකින් දැකිය හැකි අතර  , කොළ පැහැයකට හුරු පාටින් ඔබේ ඇඟිලි වල  නිය දිස්වේ නම්  එමගින් යම්  බැක්ටීරියා ආසාදනයක ලක්ශණ පෙන්විය  හැක.

ඊට අමතරව, නිල් පැහැයට හුරු නියපොතු වලට හේතුව ශරීරයට අවශ්‍ය  ඔක්සිජන් ප්රමාණය අඩු වීම විය හැකිය. එසේම ඔබේ නියපොතු පැහැයෙන් උදාසීන නම් එයට හේතුව විය හැක්කේ ශරීරයට අවශ්‍ය  විටමින්,ඛනිජ ලවණ යනාදිය අඩු වීමයි.

තව ද, සුදු පැහැයට හුරු  නියපොතු හෙපටයිටිස් වැනි පෙනහළු රෝග සංකේතවත් කළ හැකිය. අඳුරු පැහැයට හුරු  නියපොතු හෘදයාබාධයක් හෝ වයසට යෑම සංකේතවත් කරයි.

3. පැළුන නියපොතු

සාමාන්‍යයෙන්  නියපොතු ස්ථර ලෙස වැටේ. බොහෝ අයගේ  මෙම ගැටලුව ඔවුන්ගේ නියපොතු වලටම  ආවේණික වුනත්, ප්‍රෝටීන්  ඌනතාවය, විටමින් සහ ෆෝලික් අම්ලය නොමැතිකම හේතුවෙන් ද මෙය සිදුවිය හැකිය . වල ගැසුන නිය පැළුන  නියපොතු මගින් සෝරෛයසිස් නම් චර්මරෝගයහි (psoriasis)  හෝ දිගුකාලීන මන්දපෝෂණ බව දර්ශනය වේ.

4. එක් කොණක් මහත් වූ නියපොතු

මේවා බොහෝවිට ඉදිමුණු අගිලි සහිත පුද්ගලයන්ගේ දැකිය හැකිය. ඒඩ්ස්, අක්මා රෝග,පෙනහළු ආබාධ සහ විශේෂයෙන් හුස්ම ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයන්ගේ  දක්නට  ලැබෙයි

5. වැටි සහිත නියපොතු

නිරෝගී නියපොතුවල  නොපෙනෙන නියපොතු රේඛාසහිත  සුමට මතුපිටක් ඇත. වැටි සහිත නියපොතු එනම් සුමට මතුපිටක් රහිත නියපොතු මගින් දදයක් , යකඩ හිග වීමක් හෝ ආතරයිටිස් තත්ත්වයක් පෙන්නුම් කරයි.

6. අවතල හැඩයේ   නියපොතු

මේවා පෙනුමෙන් හැන්දක් මෙන් දර්ශණය වෙනවා. මෙම වර්ගයේ නියපොතු වලින්ද  බොහෝ සෞඛය ගැටළු හදුනා ගත හැක. හෘද රෝග, රක්ත හීනතාව සහ  අක්මා වල රෝග  අවතල හැඩයේ   නියපොතු මගින් හදුනා ගත හැක.

7. වල ගැසුනු  නියපොතු

මෙම වර්ගයේ නියපොතු වලින්ද විවිධ සෞඛය ගැටළු මතුකර දැක්විය හැක. උදාහරණ ලෙස ශරීරයේ  සින්ක් නොමැති වීම, හිසකෙස් ගැලවී යාම, සෝරෛයසිස් නම් චර්මරෝගය(psoriasis)   , සමහර පටක රෝග ආබාද දැක්විය හැකිය

8. වියළි හා බිඳෙනසුලු නියපොතු

වියළි හා බිඳෙනසුලු නියපොතු සදහා හේතු වන්නේ හෝමෝන අසමතුලිතතා හා බැක්ටීරියා ආසාදන වේ.එසේම  තයිරොයිඩ් ග්‍රන්තියේ  රෝගය ක්  විය හැක. ඇමෙරිකාවේ සම පිළිබඳ විද්‍යාව ට සම්බන්ද පර්යේෂකයෝ පවසන පරිදි, නියපොතු කපනය මගින්ද  නියපොතු වියලි ගතිය ඇතිවේ.

9. ජේත්තු කාර නියපොතු

මෙම නියපොතු වල ස්වභාවය වන්නේ නියපොතු වල විවිද කඩතොලු තිබීමයි. මෙම වර්ගයේ නියපොතු වලින් සරම්ප, නිව්මෝනියාව, කම්මුල් ගාය ,කහ උණ ගැටළු, දියවැඩියාව උණ ආශ්‍රීත රෝග වැනි බොහෝ සෞඛය ගැටලු හදුනා  ගත හැකිය.

10. කහ පැහැති නියපොතු

නියපොතු දුම්පානය හේතුවෙන් ද  කහ පාට වෙන්න පුලුවන් . කෙසේ වෙතත් කහ පැහැති නියපොතු මගින්  නිදන්ගත රෝග , දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්තිය  ආශ්‍රීත රෝග හා ශ්වසන රෝග වැනි සමහර සෞඛය ගැටලු හදුනා ගත හැකිය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button