පළකල දිනය : Tue, Dec 26th, 2017

මුහුදු වෙරළේ සෙල්ලම් දාන්න පොලිසියට හමුවුණු රෝද හතරේ වන්ඩිය (Photos)

වසර 30ක යුද්ධයේ අවසානයත් සමග ශ්‍රී ලංකාවේ සිරි නරඹන්න ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දවසින් දවස ඉහල යනවා.

ඒ වගේම සමහරක් ශ්‍රී ලාංකිකයන් මෙම සංචාරකයින් නොමග යවමින් විවිධ අපරාධ සිදු කරන අවස්ථා නැතුවම නොවේ.

පසුගිය දිනක ඔබට අසන්නට ලැබෙන්න ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමන් CID බව පවසමින් කොල්ලකෑමට තැත්කල  සිද්ධියක්.

මෙවැනි සිදුවීම නැවත්වීමට සහ වෙරළ ආසන්නයේ සිදුවන නීතියට පටහැනි ක්‍රියාකාරකම් නැවැත්වීමට 2018 වසර සඳහා සංචාරක පොලිස් ඒකකයට මිලියන 50ක් වෙන්කලා.

එමගින් ගන්නා ලද බීච්රෝවර් රථ (terrain vehicles ) 4ක් සහ ට්‍රේල් බයිසිකල් 18ක් සංචාරක පොලිසියට බාර දීම අද සිදුවුනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button