පළකල දිනය : Thu, Dec 28th, 2017

කරවල ප්‍රවර්ධනයට සීවලී රුව යොදා කැලැන්ඩර් බෙදලා මාට්ටු ! (Photos)

මස් වෙළඳ සැළක ප්‍රවර්ධන කටයුතු සඳහා රුන්වැලි මහා සෑයේ අනුරුව සහිත කැලැන්ඩරයක් බෙදා දීමේ පුවතක් පසුගියදා අප වාර්තා කලා.

එම සිදුවීම සිදු වී දින කිහිපයකට පසු සීවලී මහ රහතන් වහන්සේගේ රුවට අපහාස වන පරිදි 2018 දින දර්ශන බෙදූ කරවල වෙළඳ සැලක හිමි කරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කල සෝදිසියකදී සීවලී මහ රහතන් වහන්සේගේ රුව සහිත දින දර්ශන 30 ක් ද සොයාගෙන තිබෙනවා.

පැමිණිළිකරු පොලීසියට පවසා ඇත්තේ මෙලෙස කරවල ප්‍රවර්ධනයට යොදා ගත් දින දර්ශනයේ සීවලී රහතන් වහන්සේගේ රුවට යටින් කරවල වලට සමාන රූපයක්ද යොදා ගෙන ඇති බවයි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button